ටෝල්ස්ටෝයි ප්‍රථම වරට කුරිරු අඳුර තුළින් ලාංකීය වේදිකාවට!(PHOTOS)

Date:

කොළඹ LNW: සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ කුරිරු අඳුර නාට්‍යය මාර්තු මස 26 වැනිදා පස්වරු 3.00ට කොළඹ විශ්ව විද්‍යාලයීය නවකලාගාරයේ පළමු වරට රංග ගත කිරීමට කටයුතු යොදා තිබේ.

කුරිරු අඳුර ලියෝ ටෝල්ස්ටෝයිගේ The Power of Darkness නාට්‍යයේ පරිවර්තනයකි.

ලෝක නාට්‍ය දිනය සමරමින් මාර්තු 27 වැනිදා කුරිරු අඳුර නාට්‍ය පිළිබඳ සම්මන්ත්‍රණයක් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල යන්ගේ ප්‍රදානයත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී පස්වරු තුනට පැවැත්වීමටද කටයුතු යොදා ඇත. මේ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයීය කලා මණ්ඩලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වයි. කුරිරු අඳුර නාට්‍යය අසූවේ අපි සංසදයේ ඉදිරිපත් කිරීමකි.

The Power of Darkness නාට්‍ය කෘතිය ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1886 දී රචනා කරන ලද්දකි.එය රුසියාවේ ප්‍රසිද්ධියේ වේදිකාගත කිරීම 1902 දක්වා තහනම් කොට තිබිණි.මෙම නාට්‍යය රුසියාවේ මොස්කව් Art Theatre හිදී මහා රූපණවේදී ස්ටැනිස්ලව්ස්කි සහ ඩන්ට්චෙන්කෝ ගේ අධ්‍යක්ෂණයෙන් 1902 දී රංග ගතවිය. නූතන යුරෝපා නාට්‍යය යුගයේ ලියැවුණු විශේෂ නාට්‍යයක් කොට මෙම නාට්‍ය සැලකුණද, එය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පරිවර්තනය වී හෝ වේදිකාගත වී නොතිබිණි.

අසූවේ අපි සංසදය අනුග්‍රහයෙන් මාස දහයකට වඩා දීර්ඝකාලයක් පැවැත් වූ නාට්‍ය වැඩමුළුවක් ඔස්සේ මෙම නාට්‍යයේ උදෙසා නළු නිළියන් තෝරා ගැනිණි.එම නාට්‍ය වැඩ මුළුවට සුදර්ශී සිංහල සංස්කෘතික ආයතනයේ නොමද සහාය ලැබිණි. පාලිත සුදසිංහ, චම්පා වීරපුර, බිනාශා කුමාරසිංහ, නිරන්ජන් චන්ද්‍රාදිත්‍ය , රොෂානි මාරියන්, සෙනෙවිරත්න බණ්ඩාර, ජාන්වි සුනේරී කුලසේන , සී දොඩාවත්ත, අචලා සමරසිංහ, සන්ධ්‍යා රාජපක්ෂ , ප්‍රේම කුමාර දසනායක, සිතුම්ණි වින්හාරා, චාරුක සුරවීර යන ශිල්පීහු මෙම නාට්‍යයට රංගනයෙන් දායක වෙති. අධ්‍යක්ෂණ සහාය සහ ගීත රචනා චාරුක සුරවීර ගෙනි. මෙම නාට්‍යයේ රංග වස්ත්‍ර සහ පසුතල නිර්මාණ අජන්තා අලහකෝන් වෙතිනි. මෙහි සියලු ගී තනු සහ සංගීත නිර්මාණ නවරත්න ගමගේ විසින් නිර්මාණය කර තිබේ. මෙහි සිතුවම් නිර්මාණ සුජිත් රත්නායකගේ දායකත්වයෙනි.වේදිකා ආලෝක නිර්මාණ මහාචාර්ය චන්දන අලුත් අලුත්ගේ විසින් සිදුකර ඇත. නිෂ්පාදනය සහය දමයන්ති අත්තනායක වෙතිනි.

ලෝක නාට්‍ය දිනය සමරමින් මාර්තු 26 වැනි දින රඟදැක්වෙන මෙම නාට්‍ය නැරඹීම මාර්තු 27 වැනි දින ඊට අදාලව පැවැත්වෙන ලෝක නාට්‍ය දින සම්මන්ත්‍රණය උදෙසාත් සහභාගී වන ලෙස සියලු නාට්‍ය සහෘදයන්ටත් විද්‍යාර්ථයින්ටත් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ සංවිධානය ආරාධනා කර සිටි. ( මේ සඳහා මුදල් අය කිරීමක් සිදු නොකරයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/649/The%20Power%20of%20Darkness

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමේ පාර්ලිමේන්තු විවාදය අද

සටහන - රුවන් නෙළුගොල්ල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝ නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රාජ්‍ය කුමන්ත්‍රණයක් සැලසුම්...

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නූතනවාදී කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපනය හරහා පිරිපුන් පුරවැසියන් නිර්මාණය වන...

රුසියානු තෙල් මිලදී ගන්නේ නම් තවදුරටත් තීරුබදු ඉහල දමන බව ට්‍රම්ප් ඉන්දියාවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවක සහයෝගීතාවයෙන්...