මගේ සහාය අනිවාර්යයෙන්ම රනිල්ට. පොහොට්ටුවේ බහුතරයත් එහෙම බව විශ්වාසයි – තාරක

Date:

ඉදිරි මැතිවරණයකදී තමන් අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

“රටේ පැත්තෙන් බලනවා නම් අපට අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපතිතුමාත් එක්ක අපි විශ්වාස කරනවා ඉදිරියේදී කටයුතු කරන්න අවශ්‍යයයි. ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් හැටියට එතුමාත් එක්ක කටයුතු කරලා, ඊටපස්සෙ මැතිවරණයක් ආවාම මම ඒ ගණනය කරන්න හදනවා නම් මෙතුමාට ඡන්දය දෙනවාද, නැද්ද කියලා, ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. මම අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ඉන්න ඇමති කෙනෙක් හැටියට සහයෝගය දෙනවා. මම විශ්වාස කරනවා බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉන්නෙ ඒ ස්ථාවරයේ කියන එක”

තාරක බාලසූරිය මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පොහොට්ටු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...