කුමන්ත්‍රණ නම් මොනාද මෙයා ….

Date:

යම්කිසි ඇකඩමික ලේඛනයක් පළවුනාට පස්සේ නම් ශාස්ත්‍රීය වශයෙන් ඒකෙ බලපෑම මොකක්ද (impact factor) කියන එක මනින්න ගොඩක් විදියේ නිර්ණායක අද වෙනකොට ලෝකයේ ගොඩනැගිලා තියනවා. පොතක් පතක් උනත් එහෙමයි.

ජෝඩන් පීටර්සන් හරි යුවල් නොහා හරාරි හරි මුරකමි හරි අලුතෙන් පොතක් එළියට දැම්ම කියල කිව්වොත් ඒ ආරංචිය එක්කම උනත් ලොකු රැල්ලක් හැදෙනවා. ඒවායේ තියෙන්න පුළුවන් යම් බරපතල අන්තර්ගතයක් ගැන මිනිස්සු නිරායාසයෙන් හිතනවා.

ඒ කියන්නේ ඉහත නම් එක්ක තියන පිටකවරෙටම ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඒකයි එයාලගේ නම් ලොකුවට පිටකවරේ තියෙන්නේ.

හිටපු ජනාධිපති වරයෙක් හැටියට ගෝඨා ලියුවා කියන ”කුමන්ත්‍රණ” පොතේ සමාජ – ශාස්ත්‍රීය බලපෑම මොකක්ද කියල තවම හිතාගන්න අමාරුයි. හැබැයි කට්ටිය පිටකවරේ දිහා බලල ටිකක් මේක කියවන්න හෝ මිළදී ගන්න උත්සාහ කරපු බවනම් ආරංචියි. එහෙම උනත් ඒකෙ දේශපාලන බලපෑම උනත් ගොඩක් තියෙයි කියල හිතන්න බැහැ.

මොකද ලියල පළකරන කොටම වගේ ඒකෙ කුමන්ත්‍රණ කතාව විදෙස් බලවේගවලට හරවල තිබ්බ නිසා සහ විදෙස් කුමන්ත්‍රණ කියන එක අහල අහලම තිත්ත වෙලා තියන හින්ද.

බාහිර බලවේගයක් වෙත ප්‍රක්ෂේපනය කරපු ”කුමන්ත්‍රණයක්” නිසා තමන්ට ජනාධිපතිධූරයේ දිගටම ඉන්න බැරිඋනා කියන එක ඇතුලේ නොකියවෙන දේ තමයි එම තනතුර තමන්ට කරගන්න බැරිඋනේ තමන් තුළම තිබ්බ දුර්වලතා – අඩුපාඩු – නොහැකියාවන් ප්‍රමාණයක් එක්ක කියන පුද්ගල අන්තර්දැක්ම (තමා වෙතම කරන නැවත හැරී බැලීම) ප්‍රධාන සාධකයක් හැටියට දකින්න නොලැබීම. ඒ සාධකය මඟහැරීම. ඒ දැක්ම එක්ක තමයි තනතුර නැති ගෝඨා කොතරම් පරිණත වෙමින් පවතීද කියන එක විනිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ.

තමන්ගේ ඊගෝ එක පැත්තකින් තියල තමන්ට වැරදුණේ කොතනද කියල කිව්වනම් අනාගත පරම්පරාවකට ඒක වටින්න තිබ්බ.

මිනිස්සු ගොඩක් වෙලාවට ඔය වගේ විශේෂ චරිතයක් ලියන දෙයක් කියවන්න උත්සාහ කරන්නේ මිනිස් පරිණත බවේ අන්තර් දැක්ම ඉගෙන ගන්න (introspection). එහෙම නැතුව කොහෙද යන කුමන්ත්‍රණයක් ගැන දැනගන්න නෙවෙයි.

කුමන්ත්‍රණ නම් නොතිබ්බේ කවද්ද මේ රටේ? හැබැයි ඒ තිබ්බ කියන කුමන්ත්‍රණය සාර්ථක විදියට අතික්‍රමණය නොකර දැන් ඒක ප්‍රවෘත්ති වාර්තාවක් හැටියට හිටපු ජනාධිපති කෙනෙක් කියන එකේ ඇති අලුත් දේ මොකක්ද?

කුමන්ත්‍රණයකට වඩා තිබ්බේ දැවැන්ත පීඩනයක් එක්ක ආපු ජනතා නැගිටීමක්…

ඒකයි ඇත්ත….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...