*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ඕනෑම ආපදා තත්ත්ව­ය­කට මුහුණ දීමට ලෑස්තියි – ප්‍රමිත

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW):පවතින වියළි කාල­ගු­ණික තත්ත්වය මත ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්ව­ය­කට මුහුණ දීමට ආපදා කළ­මනා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සූදා­නම් බව ආර­ක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න­කොන් මහතා කියා සිටී.

කාල­ගු­ණ­විද්‍යා දෙපා­ර්තු­මේ­න්තුවේ පුරෝ­ක­ථ­න­ව­ලට අනුව මාර්තු මස අග භාග­යේදී හා අප්‍රේල් මාසයේ වර්ෂාව ලැබෙන බව දැනුම් දී තිබුණ ද, එම වර්ෂා­ප­ත­න­යන් හි යම් කිසි අඩු­වක් සිදු­වු­ව­හොත් ආපදා කළ­ම­ණා­ක­රණ මධ්‍ය­ස්ථා­නය විසින් ඒ සඳහා පූර්ව සැල­සුම් යොදා ඇති බවත්, දිසා­පති කාර්යාල, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සහ ආපදා කළ­ම­ණා­ක­රන මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රීන්, ත්‍රිවිධ හමු­දා­වේද සහය ඇතිව ජන­තාව වෙත ඇති විය හැකි සෑම අප­හ­සු­තා­ව­ය­ක­ටම, ආප­දා­ව­ක­ටම විකල්ප පහ­සු­කම් සැප­යී­මට නිර­තු­රු­වම සුදා­න­මින් සිටින බවද රාජ්‍ය ඇමැ­ති­ව­රයා පැවසීය.

කාල­ගුණ විද්‍යා දෙපා­ර්තු­මේන්තු විසින් ලබාදී ඇති තොර­තුරු අනුව උෂ්ණ­ත්වය වැඩි පළාත් වශ­යෙන් උතුරු මැද, වයඹ, බස්නා­හිර, සබ­ර­ග­මුව හා දකුණු පළාත් හඳු­නා­ගෙන ඇති බවත්, පව­තින වියළි කාල­ගු­ණික තත්ත්වය මත පාසල් දරු­වන්ගේ සෞඛ්‍යය ආර­ක්ෂාව පිළි­බ­ඳව සැල­කි­ලි­මත් වන ලෙසත් අධ්‍යා­පන බල­ධා­රීන් දැනු­වත් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැ­ති­ව­රයා තව දුරටත් කියා සිටියේ, දැඩි හිරු රශ්මි­යක් පව­තින උෂ්ණා­ධික පළා­ත්වල පානිය ජලය අඩු ප්‍රදේශ හඳු­නා­ගැ­නී­ම­ටත්, එම ප්‍රදේශ සඳහා ජල සැප­යුම විධි­මත් ආකා­ර­යෙන් ලබා­දී­ම­ටත් ආපදා සහන සේවා මධ්‍ය­ස්ථාන සුදා­නම්ව සිටින බවත්, ඒ සඳහා පෙර සුදා­න­මක් හා වැඩ­පි­ළි­වෙ­ළක් තිබෙන බවත් ය.

ජල මුලාශ්‍ර වල ලව­ණ­තා­වය පිළි­බ­ඳව සැල­කි­ලි­මත් වී ලව­ණ­තාව බහුල ප්‍රදේශ වෙත ප්‍රමු­ඛ­තාව මත ජල­ස­ම්පා­දන මණ්ඩ­ලය සමග සාකච්ඡා කර, ඒ හරහා පානිය ජලය ලබා­දී­මට ක්‍රියා­ක­රන බව ඒ මහතා අව­ධා­ර­ණය කළ අතර, පව­තින වියළි කාල­ගුණ තත්ත්වය පිළි­බඳ දැනු­වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan