වෙළෙඳ නෞකා­ව­කට හවුති මිස­යිල ප්‍රහා­ර­යක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙළෙඳ නෞකා­ව­කට , යේම­න­යට ඔබ්බෙන් මුහුදු තීර­යේදී එල්ල වූ හවුති මිස­යිල ප්‍රහා­ර­ය­කින් හානි සිදු වී ඇතැයි සමුද්‍ර ආර­ක්ෂක නිරී­ක්ෂ­ක­යන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එම වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩ­ල­යට කිසිදු අන­තු­රක් සිදු නොවීම හේතු­වෙන් නෞකාව අඛ­ණ්ඩව යාත්‍රා කළ බව ද වාර්තා වන අතර ඊශ්‍රා­ය­ල­යට සම්බන්ධ කිසිදු නෞකා­ව­කට ඉන්දීය සාග­රය හරහා යාත්‍රා කිරී­මට ඉඩ නොත­බන බව හවුති කැර­ලි­ක­රු­වන් ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය සඳ­හන් කළේ, ඉදි­රි­යේදී තව­දු­ර­ටත් එම ප්‍රහාර පුළුල් කරන බවට අන­තුරු අඟවා ඇති බවයි. .

මේ මස මුල් භාග­යේදී හවුති කැර­ලි­ක­රු­වන්ගේ මිස­යිල ප්‍රහා­ර­ය­කින් ඒඩ්න් මුහුදු තීර­යේදි වෙළෙඳ නෞකා­වක් ගිනි­බත් විය, එහිදී කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත් වී තිබුණු අතර කාර්ය මණ්ඩ­ලයේ සෙසු සාමා­ජි­ක­යන් දිවි බේරා ගනු ලැබුවේ නෞකාව අත­හැර පලා යෑමෙන් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන්...

මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ...

ICCPR නිසා අමාරුවේ වැටුණු ගම්මන්පිලට ලැබුණු තීන්දුව!

කොළඹ LNW: හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට...