ජනාධිපතිවරණය කඩා කප්පල් කිරීමට උත්සහ කළ බවට පුටින් යුක්රේනයට චෝදනා කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රට තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවක එය කඩාකප්පල් කිරීමට රුසියානු භූමියට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් සහ සොල්දාදුවන් 2,500ක් යොදවා රුසියාවේ දේශසීමා බිඳීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට චෝදනා කර මේ වෙනුවෙන් කියෙව්ට දඬුවම් කරන බවට ඊයේ(15)දිනයේදී රුසියානු ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී පොරොන්දු වී තිබේ.

බෙල්ගොරොඩ් කලාපයට ප්‍රහාර හතරක් සහ යුක්‍රේන දේශසීමාවේ පිහිටි කුර්ස්ක් ප්‍රදේශයට මෙන්ම පුටින්ගේ උපන් නගරය වන මොලොටොව් කොක්ටේල ප්‍රදේශය ප්‍රහාර දියත් කළ ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන විනාශ කිරීමේ, ගිනි තැබීම, හා ජන්ද පෙට්ටි වලට සායම් එක් කිරීම ආදී ක්‍රියාවන් සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අතර රුසියාවේ මැතිවරණ කොමිසමේ ප්‍රධානී එලා පම්ෆිලෝවා සඳහන් කර තිබුණේ, විනාශකාරී ක්‍රියාවන් සිදු කළ අයට වසර පහක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවයි.

යුක්රේනයෙන් රුසියාවට ඈදා ගනු ලැබූ අනුබද්ධ කලාප වන ක්‍රිමියාව, ලුහාන්ස්ක්, ඩොනෙට්ස්ක්, සැපෝරිෂියා සහ කර්සන් යන ප්‍රදේශවල ජනතාව ද ජනාධිපතිවරණයට සහභාගී වු අතර යුක්රේනයේ විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ මේ සඳහා සම්බන්ධ වුවන්ට සම්බාධක පනවන ලෙසයි.

2000 වසරේ ජනාධිපතිධුරට පත් පුටින් මෙවරද අඛණ්ඩව පස්වන වරටත් තවත් වසර හයක් සඳහා සුදුසුකම් ලබනු ඇතැයි විශ්වාස කරන අතර ජනාධිපතිවරණයට තරඟ වදින අනෙකුත් අපේක්ෂකයින් ක්‍රෙම්ලිනයට හිතවත් පක්ෂ වලින්වන අතර කොමියුනිස්ට් පක්ෂයේ නිකොලායි කරිටොනොව්, ජාතිකවාදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ලියොනිඩ් ස්ලට්ස්කි සහ නව ජනතා පක්ෂයේ ව්ලැඩිස්ලාව් ඩවන්කොව් වේ. විපක්ෂ දේශපාලනඥයා වන බොරිස් නඩේෂ්ඩින් පමණක් පුටින්ට විරුද්ධව මැතිවරණය වෙනුවෙන් සම්බන්ධ වන අතර පුටින්ට එරෙහිව තරඟ කළ හැකි වෙනත් විරුද්ධ අපේක්ෂකයින් මිය ගොස් හෝ සිරගත වී හෝ විදේශයක ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...

ලාල් බබා ….

විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල්...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණ වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 16) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

විනිසුරු ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමේ යෝජනාව සලකා නොබලයි. අභියාචනාධිකරණයට දෙදෙනෙකු පත්කිරීමට අනුමැතිය

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ...