විමල් බොරු ගොතමින් බැසිල්ගේ චරිතය කළු කර පෙන්නලා ආණ්ඩුවට ගහනවා – පතිරණ (VIDEO)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කරමින් සිටින්නේ බොරු ගොතමින් බැසිල් රාජපක්ෂ නම් චරිතය කළු කර පෙන්වමින් ආණ්ඩුවට පහර ගැසීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

“මේ පක්ෂය නිර්මාණය කරමින් සිටියදී මට එක්තරා වෙලාවක විමල් වීරවංශ මහත්තයා කෝල් එකක් දෙනවා. ‘මහින්ද ඇයි ඔයාලා මේ පක්ෂයක් හදන්නෙ ? මොනවාටද පක්ෂ හදන්නෙ ? අපට පක්ෂ අවශ්‍ය නෑනෙ ? වෙසක් එක එන්න එපැයි වෙසක් කූඩු හදන්න ?’ මෙන්න මේ ආකාරයෙන් ඔහු කියනවා. ඒ කියන්නෙ ඔවුන්ගේ කිසිම අපේක්ෂාවක් තිබුණෙ නැහැ පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් නිර්මාණය වෙනවාට.

විමල් වීරවංශ මහත්තයා කියනවානෙ මනි ලොන්ඩරින් – මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවක්. බැසිල් රාජපක්ෂ මහත්තයාට විරුද්ධව උසාවියක මේ සම්බන්ධයෙන් කිසිම නඩුවක් නැහැ. හැබැයි පරීක්ෂණ මට්ටමක එහෙම එකක් තියෙනවා නම් කිසිම තුන්වෙනි පාර්ශ්වයකට ඒ සම්බන්ධ තොරතුරු ඇමරිකාවෙ එෆ්බීඅයි එකෙන් ලබාදෙන්නෙ නෑ. ෆෙඩරල් පොලිසියෙන් ලබාදෙන්නෙ නෑ. මේ කියන්න දේවල් නැතුව මේ බොරු ගොතමින් මේ විමල් වීරවංශ මේ බැසිල් රාජපක්ෂ කියන චරිතය කළු කරලා මේ ආණ්ඩුවට පහර ගැසීමේ ක්‍රියාවලියක් තමයි කරගෙන යන්නෙ”

මහින්ද පතිරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...