2022 මුල් මාස 02 තුළ සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො මිලියන 500ක ආදායමක්

0
307

මේ වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට පෙබරවාරි මාසයේ 28 දා තෙක් විදෙස් සංචාරකයන් 178,834 දෙනකු සංචාරය සඳහා ලංකාවට පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩගැනීම සංචාරක කර්මාන්තය මත රඳාපවතින බවත්ය.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට වර්ධනය වෙමින් පවතින අතර ඒ අනුව විදේශ විනිමය උපයා ගැනීම වෙනුවෙන් මේ වසරේ මුල් මාස දෙකේ දායකත්වය අමෙරිකානු ඩොලර් මිලියන 582.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 314.5ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන අතර එම මාසයේදී විදෙස් සංචාරකයන් 96,507 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර​යි.

කෙසේ වුවද මේ වසරේ පෙබරවාරි මාසයේ සංචාරක කර්මාන්තයේ ඉපයීම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව 17.2%ක වර්ධනයක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මාසයේදී සංචාරක ඉපයීම අමෙරිකානු ඩොලර් මිලියන 268.3ක් බව ද ජනවාරි මාසයේදී එක් සංචාරකයකුගේ වියදම අමෙරිකානු ඩොලර් 3,258.9ක් බව ද පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here