Saturday, March 25, 2023
spot_img

Latest Posts

බයිඩන් ප්‍රමුඛ ඇමරිකානුවන් 13 කට රුසියාවෙන් සම්බාධක

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු රජයේ නිළධාරීන් 13 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

බයිඩන්ට අමතරව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, ඒ්කාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සීඅයිඒ අධ්‍යක්ෂක විලියම් බර්න්ස්, ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි, නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක දලීප් සිං, USAID අධ්‍යක්ෂ සමන්තා පවර් මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

හිටපු රාජ්‍ය ලේකම් හිලර් ක්ලින්ටන් සහ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ද අදාල ලැයිස්තුවට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

රුසියාව පවසන්නේ මෙම ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයන්ට රුසියානු සමුහාණ්ඩුවට ඇතුළුවීම තහනම් බවයි. ඉදිරියේදී මෙම ලැයිස්තුවට තවත් නම් රැසක් ඇතුළත්වීමට නියමිත බවයද රුසියානු බළධා‌රීන් සඳහන් කරයි.

රුසියාවට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක සඳහා ප්‍්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම පියවර ගෙන තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.