*
Monday, March 17, 2025
spot_img

Latest Posts

පිඩනය හමුවේ මනුදිගෙන් හොඳ ඉණිමක් – ඒත් ලංකාවට පරාජය

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 16, (LNW)කොළඹ

නවසීලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක් පරාජයක් හිමි කර ගත්තා.මේ නිසාම 18 වන දා පැවත්වෙන තෙවන තරගය,තරගාවලිය 1-1 ක් ලෙස සමව පවතින බැවින් වඩාත් තියුණු මුහුණුවරක් ගන්නට ඉඩ තිබෙනවා.

මෙම තරගයේදී කාසියේ වාසිය ලැබූ නවසීලන්තය ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.තණතීරුව මෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පළමු තරගයේදී සිය පිතිකරු බල ඇණිය පාලනය කළ ආකාරය ගැනත්,නවසීලන්ත නායිකා සුසී බේට්ස් තිබුණු අත්දැකීම එම තීරණයට බලපාන්නට ඇති.පළමුව පන්දු යැවීම සඳහා බේට්ස් ගත් තීරණයට සාධාරණය එකතු කරමින් තරගයේ තෙවන පක්දුවේම විශ්මි ගුණරත්න ලකුණු නොලබා දවා ගන්නට බ්‍රී ඉලින්ග් සමත් වුණා.

ඒ ආකාරයට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ආරම්භයේදී ඇති කළ පීඩනය දිගින් දිගටම රඳවා ගනිමින් පන්දු යැවූ නවසීලන්ත පන්දු යවන්නියන්ට එරෙහිව සිය පළමු විස්සයි විස්ස ඉණිමේ පන්දුවට පහර දෙමින් සිටි මනුදි නානායක්කාර පන්දු 32 දී ලකුණු 35 ක් රැස් කරමින් නවසීලන්තයට යම් අභියෝගයක් එල්ල කරන්නට සමත් වුණා.ඇය නිලක්ෂිකා ද සිල්වා සමඟින් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක දබඳතාවයක් ඇති කිරීමෙන් ඉනික්බිතිව දුවද්දී දැවී ගියා.

පන්දු ඕවර් 20 නිමා වන්නට පන්දු 9 ක් තිබියදී ලකුණු 107 දී සිඳු වූ මනුදි ගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාවට ඉතිරි පන්දු 11 තුළ රැස් කර ගැනීමට හැකි වූයේ කඩුලු දෙකක් දැවී ලකුණු 6 ක් පමණයි.පන්දු ඕවර් 20 නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 113 ක් ලෙස සටහන් වුණා.

නවසීලන්ත පිිතිකාරිණියන් පළමු තරගයේ පන්දුවට පහර දීමට අසීරු වූ මල්කි මදාරා සහ කවීහා දිල්හාරි සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා තිබුණු බව නවසීලන්ත ඉණිමෙන් පැහැදිළි වුණා.ඔවුන් දෙදෙනා විසින් යවන ලද පන්දු ඕවර් 6 ට නවසීලන්තය ලකුණු 52 ක් රැස් කර ගනු ලැබුවා.එහෙත් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය ලකුණු 113 පහසුවෙන් පසු කර යාමට නොහැකි වන අන්දමේ බාධක ගොඩ නඟමින් හොඳින් පන්දු යැවීම සිඳු කළා.

පළපුරුදු සුසී බේට්ස් සහ සිය 43 වන විස්සයි විස්ස තරගයට සහභාගි වූ බෘක් හැලිඩේ සිය විස්ස විස්ස ජීවිතයේ වැඩිම ලකුණු සහිත ඉණිමට (46) පිවිසෙමින් ශ්‍රී ලංකාවෙන් තරගය උඳුරා ගන්න කටයුතු සැළසුම් කළා.තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලද බේට්ස් පන්දු 46 න් ලකුණු 47 ක් රැස් කර අතර ඇය පන්දු 40 න් නොදැවී ලකුණු 46 ක් රැස් කළ හැලිඩේ සමඟ සිවිවන කඩුල්ලට රැස් කරන ලද ලකුණු 43 ක සබඳතාවය නවසීලන්ත ජයග්‍රහණයේ පදනම වුණා.

ශ්‍රී ලංකාව නවසීලන්තයට සාපේක්ෂව පන්දු රැකීමෙන් ප්‍රතිවාදීන්ට එල්ල කරන පීඩනය අවම එකක් වීමත් මෙහිදී සැළකිල්ලට ගත යුතු වෙනවා.එම තත්ත්වය මඟ හරවා ගැනීම ඉතා වැදගත් අංගයක් වන අතර ඉදිරියේදි පැවත්වෙන තෙවන විස්සයි විස්ස තරගයේදී නැවත ජයග්‍රහණය කරා පිවිසෙන්නට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මේ පරාජය තුළ වුව දැකිය හැකි වීම සතුටු විය හැකි කරුණකි.

තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න https://bit.ly/43PUKq9

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan