අද රනිල්ගෙන් සුවිශේෂී හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ (LNW):

අද පෙරවරුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙන බව එක්සත් ජාතික පක්ෂය ආරංචි මාර්ග පවසයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සුවිශේෂී හෙළිදරව්වක් සිදු කිරීමට නියමිතව බව වැඩිදුරටත් වාර්තා වේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේදී සභාගත කළ අතර,එහිදී ඔහු කියා සිටියේ අදාළ සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමටත්, වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත්, සුදුසු අවස්ථාවක එම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත් යෝජනා කරන බවයි.
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...