අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවීමත් සමග තවත් තොරතුරු රැසක් එළියට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ (LNW):

පසුගිය දිනදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ පහසුකම් පිළිබඳ විමර්ශන වාර්තාව ලබන 24 වැනි දාට පෙර ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, ත්‍රිපුද්ගල කමිටුවට උපදෙස් දී තිබේ.

වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විසින්,එම කමිටුවේ සභාපති ලෙස පත්කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන නිලධාරී ඩබ්ලිව් යූ. කේ. කෘෘස් මහත්මිය සහ ඕ. බී. ජේ ද සිල්වා මහතා කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිදුවීමත් සමග වසර ගණනාවක් තිස්සේ රෝහලේ පවතින පරිපාලන ඌණතා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීමට පරිපාලනය අපොහොසත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

රෝහල සතු ස්ථාවර සහ ජංගම වත්කම් සම්බන්ධයෙන් නිසි කළමනාකරණයක් නොමැතිවීම ද අමාත්‍යංශයට නිරීක්ෂණය වූ කරුණක් වන අතර, එම සියලු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදාළ කමිටුව පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...