බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාමා ජනාධිපති ට්‍රම්ප් සමඟ හොමුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් වලට සම්බන්ධ වන ලකුණු?

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(15) රාත්‍රියේ එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමා හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ බව කියන දුරකථන සංවාදයකට අනුව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගෝලීය නැව්ගත කිරීමට ඇති බාධාව අවසන් කිරීම සඳහා ඉරානය යටතේ පවතින හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ මෙහෙයුම සම්බන්ධයෙන් කල්පනා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ.

එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහි යුද්ධයේ නව පියවරක් වශයෙන් චීනය, ප්‍රංශය, ජපානය සහ එක්සත් රාජධානියෙන් යුධ නවුකා හොමුස් සමුද්‍ර සන්ධියට එවන ලෙස ඉල්ලා දිනක් ගතවීමට පෙර නායකයන් දෙදෙනා අතර මෙම දුරකථන සංවාදය සිදුව තිබේ.

පෙබරවාරි මස 28 වන දින ඇමරිකා-ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට පහර දෙන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) නිවේදනය කරන ලදී.

මෙත් සමඟ මෙහි නාවුක ගමනාගමනය ඇනහිට ඇති අතර ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය, ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන අතර, ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20 ක් ඒ හරහා සිදුකෙරේ,