කොළඹ LNW:දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.
එම යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන විත් තිබුණි.
ඒ අනුව එම යාත්‍රාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ (15) දිනයේදී නාවික හමුදාව විසින් වැටලූ අතර ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය උර 6ක් ද නාවික හමුදා භාරයට ගනු ලැබීය.
යාත්‍රාව තුළ සිටි සැකකරුවන් 5ක්ද නාවික හමුදා භාරයට ගනු ලැබූ අතර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර බේරුවල මුහුදු සීමාවේදී තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
එම බහුදින ධීවර යාත්‍රාවද මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව සඳහන්.
පසුගිය සතියේදී දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 3ක් නාවික හමුදාව විසින් වැටලූ අතර මෙම වසර තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 7ක්ද නාවික හමුදාව හඳුනාගෙන තිබුණි.




