Exclusive : හිටපු ජනපති රනිල් සැත්කමක් සඳහා සිංගප්පූරුවට !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගොස් තිබේ.

ඒ මහතා ඊයේ (15) දිනයේදී දිවයිනෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

වික්‍රමසිංහ මහතාට සිංගප්පූරුවේදී හෘදය ආශ්‍රිත සැත්කමක් සිදුකිරීමට නියමිත බවයි සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව සති දෙකක – තුනක පමණ කාලයක් ඒ මහතාට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බව සඳහන්.

මෙම වෛද්‍ය ප්‍රතිකාර කටයුත්ත සඳහා වැයවන සම්පූර්ණ වියදම ගෙවීමට ඉන්දියාව ඉදිරිපත්ව තිබුණ ද වික්‍රමසිංහ මහතා එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කර තම පුද්ගලික වියදමින් එය දැරීමට කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.