සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධයේ දී වොෂින්ටනය ලැබිය හැකි ජයග්‍රහණයක් මෙක්සිකෝව සහ කියුබාව ඇතුළු අනෙකුත් රටවලට එරෙහිව ආක්‍රමණශීලීත්වයට දොර විවර කරනු ඇති බව මෙක්සිකෝවේ ඉරාන තානාපති අබොල්ෆාස්ල් පසන්ඩිදේ ප්‍රකාශ කර තිබේ.
එබැවින් අබොල්ෆාස්ල් පසන්ඩිදේ අනතුරු අඟවමින් ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජයෙන් ඉල්ලා තිබුණේ, ඉරානයට එරෙහි ඇමරිකා- ඊශ්‍රායල් යුද්ධය හෙලා දකින ලෙසයි.
සාමය සඳහා කැඳවීම සහ ඉරානයට පහර නොදීමට ස්පාඤ්ඤය ගත් තීරණයට සහාය දැක්වීම සම්බන්ධයෙන් තානාපතිවරයා මෙක්සිකෝවට ස්තුති කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෙහෙයවනු ලබන මිලිටරි ක්‍රියාමාර්ග හමුවේ ඉරානය ජාත්‍යන්තර සහාය අපේක්ෂා කරන බවයි.

