දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/16

Date:

  1. එක් දිනක් තුළ රු. 8.98 (සියයට 2.7 ක) දැවැන්ත කඩා වැටීමක් වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියලේ විකිණුම් මිල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 335.68 සිට රු. 344.68 දක්වා පහත වැටෙයි – ශ්‍රී ලංකා රුපියල “අවිධිමත්” වෙළඳපොල (grey market) තුළ ඩොලරයට සාපේක්ෂව රු. 375 ට වඩා වැඩි මුදලකට විකිණෙන බව සඳහන් – 2023 මාර්තු 9 – 15 කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රු. 387.68 සිට රු. 420.68 දක්වා සියයට 8.7 ක අවප්‍රමාණය වීමක් ද වාර්තා වී තිබේ.
  2. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අද දින උදෑසන 08 සිට තාවකාලිකව නතර කර දමන බවට එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
  3. 2022 වර්ෂයේ ආර්ථිකය සියයට 7.8 ක නරකම හැකිලීමට මුහුණ පෑ බව සංගණන දෙපාර්තමේන්තුව පවසයි – සිව්වන කාර්තුවේ දී හැකිලීම සියයට 12.4 – කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා යන ක්ෂේත්‍රවල ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් මෙම හැකිලීමට මුහුණ දී තිබේ – 2021 වර්ෂයේ දී ආර්ථික වර්ධනය සියයට 3.5 ක තිබිණි.
  4. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කළ පරිදි පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීම අතිශය අවිනිශ්චිත බව පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි – රජය අධිකරණ තීන්දු නොසළකා හරිමින් සිටින බව ද අවධාරණය කරයි.
  5. ලංකාවේ ඌව වෙල්ලස්ස මහා කැරැල්ලේ ජාතික වීරයන් පිටමං කිරීමට බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ගත් තීරණයෙන් සිදුවූ වරද නිවැරදි කිරීමට කැබිනට් ප්‍රත්‍රිකාවක් යොමුකිරීමට ජනාධිපතිවරයා උනන්දුකරවීමට තමා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන පවසයි – රටේ ජාතික වීරයන් පාවාදුන් මෙම තීරණය නිවැරදි කිරීමට රජයේ නීතීඥවරුන් සහ ජනාධිපති නීතීඥවරුන් ඉදිරියට නොපැමිණි බවට චෝදනා කරයි.
  6. බොහෝ ප්‍රශංසාවට පාත්‍ර වූ “ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු තුනකට ලැබුණු ඇ.ඩො මිලියන 400 ක ස්වප් පහසුකම” ලැබුණේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දේශීය කලමනාකාර ඇලෙහන්ද්‍රෝ ඇල්වරෙස් දි ල කැම්පා විසින් ලබා දී තිබේ – මෙහි දී එකඟතාවයකට එළඹියේ, එක් මුදල් ඒකකයක මුදල් ප්‍රවාහය, වෙනත් මුදල් වර්ගයක මුදල් ප්‍රවාහයන් සඳහා නිශ්චිත මිල ගණන් යටතේ හුවමාරු වන මුදල් වර්ග වෙළඳාම් කිරීමට බව පවසයි – ඇතැමුන් විශ්වාස කරන පරිදි මෙම ස්වප් පහසුකම නිසා රටට අලුතින් විදේශ විනිමය ගලා ඒමක් සිදු නොවූ බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  7. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 04 ක කාලයක් රඳවා තබා ගෙන සිටි පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් ගේ බිරිඳ වන ෆාතිමා හාදියා ට දැඩි කොන්දේසි යටතේ කල්මුනේ මහාධිකරණයෙන් ඇප ලබා දීම සිදුවෙයි – කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරුම්කරුවන් වන නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳු යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවේ මාස 03 ක කාලයක් පමණි.
  8. 2023 පෙබරවාරියේ තේ අපනයන වසරින් වසර (YoY) සියයට 13 කින් පහත වැටේ – ප්‍රධාන තේ කාණ්ඩ පහත වැටෙයි – තුර්කිය, ඉරාකය සහ රුසියාව තේ මිළදී ගැනීමේ හොඳම ගැනුම්කරුවන් බවට පත්වෙයි – ජපානය, ලෙබනනය සහ බෙල්ජියමට සිදුකරන අපනයනවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි.
  9. අත්‍යාවශ්‍ය සේවා පිළිබඳව නිකුත් කළ නියෝගය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි – කෙසේවෙතත්, ඊයේ දින පැවති වැඩ වර්ජනය හේතුවෙන් සියයට 90 කට අධික පාසල් ප්‍රමාණයක් වැසි ගිය අතර, රෝහල්වල බාහිර රෝගී අංශ ද වැසී ගියේය – මේ අතර, කොළඹ වරායේ සේවකයෝ සේවයෙන් ඉවත්ව සිටියහ – ගුවන් ගමනාගමන පාලකයෝ පැය දෙකක කාලයක් “මන්දගාමී” (go-slow) ලෙස සේවයේ නිරත වූහ.
  10. වැඩ වර්ජන හේතුවෙන් දිනකට රු. බිලියන 46 ක ආදායම් රටට අහිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – වැඩ වර්ජන හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන හානිය ගණනය කිරීමට අපහසු තරම් විශාල බව පවසයි – මේ ආකාරයේ “පදනම් විරහිත” වැඩ වර්ජන පැවැත්වූවහොත් රට සහ ආර්ථිකය යළි කඩා වැටීම වළක්වා ගත නොහැකි බව ද පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...