වන්දනා බස් රථයක් අනතුරක. එක් අයෙක් මරුට, 37කට තුවාල !

නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (16) පස්වරුවේ අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදී ය.

වන්දනාකරුවන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව බෑවුමකට ලිස්සා ගොස් ගසක හැපීමෙන් අනතුර සිදුව තිබිණි.

අනතුරෙන් බස් රථයේ රියදුරු ඇතුළු 38 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ එක් පුද්ගලයකු මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ හාල්පොළ, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාලකරුවන් අතරින් බරපතළ තත්වයේ පසුවූ දෙදෙනෙකු මහනුවර රෝහලට මාරු කර යවා ඇති බවත් වාර්තා විය.

ඡායාරූප – Accident 1st

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...