අශෝක ජයතුංග
මාර්තු 17 වොෂින්ටන් LNW :
🎀US කපුටා ගෙන් SL කපටි නරියාට සෙටිපිකට් හා මහ ඡන්දයට ඇදීම …?
👺වදකහ සුදිය හා රාජකීයයන් – කිකිළියන්, බිත්තර හා තෝමසුවන්…?
👺කපුටාගේ කලිසම වැටුණාට රටට වැටෙන්න නොදීම….?
👺ජවිපෙ නායනයන්ට පිනට ලැබෙන බ්‍රෑන්ඩඩ් ඇදුම් හා රනිල් මුදල් වැයකර මහන සාමාන්‍ය ඇදුම් ….?
👺ඩොලර් බහින එකේ බඩු මිලේ වාසිය මිනිස්සුන්ට දෙන්නම වෙනවා….!
👺ලංකාව ඩිජිටල්කරණයට ඇමෙරිකන් මහින්ද හා ධම්මික පෙරේරා සම්මුතිය….?
👺නව සංධානයේ නම හා ලකුණ රහසේ රනිල් අතට.
🎀නවීන් ගේ හිතේ අමාරුවට පිළිතුරු…?
පැදුරේ සිටි රනිල් වංගු දමා ජනපති විය. තනි අලියාගේ බලය තහවුරු කරගැනීමට වඩා ගිණිගත් රට නිවන්නට දැගලුවේය. එහි ප්‍රතිළුල දක්නට තිබේ.වසර 02 ක් දේශපාලනය නොකල ද “සැබෑව” රැළියට ගියේ අකිල ගේ ඇරයුමටය.
“විපක්ෂය පාළනය කරන්නෙ සට්ටැඔිරාළයි ගොඩ පෙරකදෝරුවෙකුයි. පිටින් රිංගපු අයයි, පක්ෂය කඩාගෙන ගිය අයට මිසක් එතන එජාප අයට තැනක් නෑ” රනිල් කීය.
“ජවිපෙ අද ජාජබ වෙලා ප්‍රතිපත්තිත් වෙනස් කරලා. කතාව විනා වැඩ පිළිවෙලක් නෑ. රට ගොඩ ගන්න පුළුවන් එජාපයට විතරයි” රනිල් ජවිපෙ ට ද බැට දුන්නේය.
අකිල ගේ නිවසට ගොස් තේ බොන ගමන් සංවිධායකවරු හා ඉදිරි කටයුතු ද කතා කළේය.
සඳුදා IMF සමඟ කතාබහ ට විපක්ෂයට ආරාධනා කළ ද දෙමළ සංධානය හැර අනිත් අය මඟ ඇරියේය. IMF ලියකියවිලි ලබාදීමට ද සුමන්තිරන්ට ඔහු ප්‍රතිඥා දුන්නේය.
තායිලන්ත හා පකිස්ථාන අක්ත පත්‍ර ජනපති මැදුරේදී බාරගත් රනිල් කැබිනට් එකට ගියේය.
“IMF ගැන මරහඬ දීපු විපක්ෂය එන්න කිව්වම කර ඇරියා” ඇමතිවරු කීය.
“එයාල හැමදාම කිව්වෙ රහස් ගිවිසුමක් ගැනයි. ආව නම් ඇත්ත බලාගන්න තිබුණ නේ” ඇමති බන්දුල කීවේය.
“කබීර් හර්ෂ ඉරාන් කිව්වෙ IMF එක්ක එකතුවෙලා කතා කරමු කියලයි. දැන් බෑ කියන්නෙ සජබ තීන්දු දැන් ගන්නේ පොහොට්ටුවෙන් ගිය අය නිසාද” ඇමති ෂෙහාන් කීය.
“ආණ්ඩුවයි විපක්ෂයයි එකට IMF කතාකලා නම් වැඩි බලපෑමක් කරල රටට වාසි ගන්න තිබුණා” රනිල් කීය.
“එයාල වෙනම හම්බ වෙනවා”ප්රවෘත්ති අධ්යක්ෂ දිනිත් කීවේය.
“ඒකෙ වාසිය රටට නෙවෙයි IMF එකටයි” ෂෙහාන් කීය.
කපටි නරියාට දැන් ලොකු ලොකු පාසල් පේන්න බැරිය. මහින්දයේ 132 ට සුබපතා ආනන්ද නාලන්ද මෙන්ම රෝයල් තෝමියන් බිග්මැච් වලට ද ගිය ඔහු වෙස්ලි විදුහලේ 150 ටද ගියේය.
බිග්මැච් ගිහින් “වදකහ සුදිය” ගී ගයා හා ලංකාවෙ බිත්තර හිගයට හේතුව හා සියලු කිකිළියන් තෝමසුවන් ගේ ඇගේ ගහමින් කී කතාව වෛරල් විය.
ආරක්ෂක කවුන්සිලයේදී උතුරේ ඉඩම් යළි ලබාදීම ගැන කතාබහ විය. දින 02 කට පෙර අක්කර 109 ක් සාගල අතින් පවරාදුන් අයුරු ද එළිවිය.
“ගුවන් හමුදා 73 ට මම ගියා. යනකොට උතුරේ අය බැදෙන්න 250 ක් හිටියා. එනකොට 450 ක් වෙලා” සාගල කීය.
මහරෝහලේ සී ටී ස්කෑන් ප්රශ්නය සමන් ඒකනායක ජනපතිට කියා තිබිණ. ADB කතාකොට අරමුදල් සපයා ඊට රනිල් වහා පිළියම් යෙදීම ලක්ෂ ගණනකට ජීවිත දීමක් විය.
“හරීන් කුලියාපිටියට පොල්ල තිබ්බ නේද” අකිල හ ඇඔරුවේ එජාප කළමණාකරන කමිටුවේදීය..
“මම කළින් දාගත්ත වැඩක් තිබුණා” ඇත්ත හෝ බොරු ඊට ලැබුණු පිළිතුර එය විය.
“නවීන්ට අවුලක් වුණා කියල එයා දාපු එක වෛරල් වුණා” අයෙක් කීය.
“ආණ්ඩුකාරල රැළි අමතන එක වැරදියි” රනිල් කීය.
“අලෙවි මව්ලාන ආණ්ඩුකාර කාලෙ රැළි අමතනවා, උද්ගෝෂණ වලට එනවා. අපි කොච්චර ඒවට විරුද්ධව කතා කලා ද” එහිදී කියවින.
යුනයිටඩ් තරුණ එකමුතුව සුදත් චන්ද්‍රසේකර නොම්මර එකට සූදානම් කොට තිබූ වැඩකි.
“ඩේටා නිකම් දෙන්න බෑ. වාහන මේ වසරේ ගේන්නෙත් නෑ” කපටි නරියා අතපය දිගැර කීවේ අවංකවමය.
“ආර්ථිකය හැදුනම කිසි දෙයක් නිකම් ඉල්ලන්න ඔින වෙන්නෙ නෑ” රනිල් කීවේ අත්පොඩි මධ්‍යයේය.
සෙල්fපි හා ආහාර අනුභව නිසා ජනපති යළි ගියේ යක්කු ගස් නගින වෙලාවේය.
ඇමති රමේෂ්ගේ ඇරයුමෙන් ගාල්ලේ බද්දේගම පාරේ පරිසර උද්‍යානයක් විවෘත කල රනිල් ඒවටා රවුමක් ද ගියේය. සංචාරක, ඉදිකිරීම් ,කෘෂි ක්ෂ්‍රේත්‍ර ගැන තිබූ සාකච්ඡාවේදී වී මිලට ගැනීමට රු මිලි 50 ක් වෙන් කෙරිණ.
බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයට පැමිණි රනිල් ආර්ථිකය සුබවාදී වන අයුරු දැන සතුටට පත් විය.
“මේකෙ වාසිය ජනතාවට යන්න ඔින ” ඔහු සමන් ට කීය. රනිල් කුලියාපිටියේදී දුන් ප්‍රහාරයට ජී එල් ගේ ප්‍රතිප්‍රහාරය ගැන මහාචාර්ය ආශු මාරසිංහ මතක් කළේය.
“ගෝලයා අගමැති කාළෙ ගුරා එයා යටතෙ ඇමතිකම් කලානේ” කපටි නරියා කීවේ කොක්හඬලමිනි.
දේශපාලන කැබිනට්ටුවත පත්කල කමිටුව සංධානයට නමක් හා ලාංඡනයක් ගැන ගත් තීන්දු දිනිත් ජනපතිට එළි කළේය. ඒ අතරේ US කපුටා, SL කපටි නරියාට අපූරු සෙටිපිකට් එකක් දෙන ගමන් මහ ඡන්දයට දක්කන සියුම් උත්සාහයක සිටී.
“රට ගොඩ දැමිය හැකි හොදම මිනිහා රනිල්” ඔහු කීවේ රූපවාහිනී සංවායකදීය.
රනිල්ගේ කලිසම කඩා හැලීම ගැන 70,000 ක් වන ජවිපෙ කුලී නඩය ප්‍රහාර දුන්නේය.
“ලොක්කගෙ කලිසම වැටුණට රට වැටෙන්න දුන්නෙ නෑනේ. ලොක්කගෙ ප්‍රතිපත්ති ජවිපෙට ප්‍රශ්නයක් නොවන නිසයි කලිසම ගැන මරහඬ දෙන්නේ” මහචාර්ය ආශු කීවේ සිනා මැදය.
“වෙන අය පිනට දීපු බ්‍රෑන්ඩඩ් ඇදුම් අනුරගෙ ඇඟට ගාණට සෙට් වෙන එකයි පුදුමෙ” ආශු කීවිට කපටි නරියා තොල් විකාගෙන අහක බලාගත්තේය.
ලංකාවේ තොරතුරු තාක්ෂණ හැකියාව ඉහළ දැමීමට ඇමෙරිකාවේ සහාය ලබා ගැනීමේ ඇමති කනක හේරත් ගේ ඉල්ලීමට ඇමෙරිකන් මහින්ද මෙහෙයුමක් දියත් කල අතර කනක හේරත් ද ඊට එක්විය.
ඒ ගැන ජනමාධ්‍ය හරහා කණ වැටුණ ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇමෙරිකන් මහින්දට කතා කොට ඔහු එම අංශයෙන් සූදානම් කල අයට රැකියා හා ජත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලීය. එම ඉල්ලීම ගැන කැපවීමට ඇමරිකන් මහින්ද හා තානාපති නඩය වැඩ අරඹා තිබේ.
ජනපති මාධ්‍ය අංශයේ ශානුක කරුණාරත්න හා සන්ඩේ ටයිම් හි සදුන් ජයවර්ධන ඇමෙරිකා ආවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ව්‍යාපෘතියකටය. ඔවුහු වොෂින්ටන්, බොස්ටන් හා තවත් නගර කිහිපයක අධ්‍යයන හා වැඩමුළු වලට එක්විය.

