47 වැනි වරට පැවති ‘ෆුඩෙක්ස්  ජපෑන් 2022’ ජාත්‍යන්තර ආහාර හා පාන ප්‍රදර්ශනයේ දී “ලංකා තේ” විදහා දැක්වේ

Date:

ආහාර ආශ්‍රිත ප්‍රදර්ශන කුටි 1400 කට වඩා වැඩි පිරිසකින් සමන්විත, ජපානයේ ටෝකියෝ නුවර පැවති ‘ෆුඩෙක්ස්’ ප්‍රදර්ශනයේ දී, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහයෝගය සහිතව “ලංකා තේ” විදහා දැක්වී ය.

රටවල් 25කට අධික සංඛ්‍යාවක තානාපතිවරුන් නියෝජනය කළ‘ෆුඩෙක්ස් ජපෑන්’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගීවූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා, අනතුරුව ශ්‍රී ලංකා තේ සහිත ප්‍රදර්ශන කුටිය විවෘත කළේය. ලොවපුරා අවන්හල් 1700කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන එම්ඕඑස් බර්ගර් ෆ්‍රැන්චයිස් හි(MOS Burger Franchise)මිලදී ගැනීම් පිළිබඳ සාමාන්‍යාධිකාරීවරයා ද මෙම ප්‍රදර්ශන කුටියට පැමිණි අමුත්තන් අතර විය.

ඩිල්මා ටී, ජෝර්ජ් ස්ටුවර්ට්ස් ටී, නෙල්සන්ස්- රැන්ෆුර් ටී, ජැෆර්ජි බ්‍රදර්ස්- ජැෆ් ටී, සියෙම් ටී යන සමාගම් සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රදර්ශන කුටි කිහිපයක් මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට ඇතුළත් විය. සියලුම ප්‍රදර්ශකයින් ඔවුන්ගේ බොහෝ නිෂ්පාදන, සජීවී අන්තර් ක්‍රියාකාරී ඉදිරිපත් කිරීම් වශයෙන් ඉදිරිපත් කළහ. මෙහිදී බහුවිධ ව්‍යාපාරාන්තර රැස්වීම් පැවති අතර, ප්‍රදර්ශනය පැවති දින හතර මුළුල්ලේ සිල්ලර වෙළඳ ජාල, අවන්හල් හා බෙදාහරින්නන් යොමු කළ විමසීම් 600 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කුටිය වෙත ඉදිරිපත් කෙරිණි.

ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ ජපන් ස්වේච්ඡා සේවකයන් විසින් සත්කාරකත්වය සපයන ලද මෙම තේ ප්‍රදර්ශන කුටිය හරහා නරඹන්නන්ට අඛණ්ඩව තේ රසබැලීම සඳහා අවස්ථාව හිමි විය. තවද,  “ලංකා තේ” පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදි. ප්‍රථමලේකම් (වාණිජ) කපිල ජේ. කුමාර මහතා විසින් මෙම උත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 මාර්තු 16 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...

බිහිසුණු බස් අනතුරක්. එක් අයෙකු මරුට. 22 දෙනෙකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල මොනරාගල වැලියාය ප්‍රදේශයේදී අද (අගෝස්තු 16)...

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...