ඩොලර් බිලියනයේ ගිවිසුමට අත්සන් තබයි

Date:

ඇමරිකානු ඩොලර් බිලියනය ණය මුදලක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාවය පළකර ඇති අතර ඊට අදාල ගිවිසුම අද පස්වරුවේ අත්සන් කෙරිණි. ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට අත්සන් කර තිබෙනවා.

මෙම ණය මුදල ලබා ගැනීමට අදාල අවසන් සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ආටිගල මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊයේ දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා, විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීය.

ඉදිරි මාස කිහිපය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම ඩොලර් බිලියනයක ණය මුදල ලබාගත් අතර, අදාල මුදලින් තිරිඟු පිටි, සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ඖෂධ ඉන්දියාවෙන් මිලදී ගැනීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය