කෆ්කාගේ දොරටුවෙන් ඇතුල් වූ රංවල ….

Date:

ෆ්‍රාන්ස් කෆ්කා අද්විතීය නවකතාවක් ලියනවා 1914 අවුරුද්දේ. පොතේ නම විනිශ්චය. නැත්නම් නඩු විභාගය. ඉංග්‍රීසි පරිවර්තනයේ නම The Trial.

මේ කතාවේ සුවිශේෂ බව රැඳෙන්නේ සමස්ත කතාව ඇතුලේ තියන කුඩා කතාවක් එක්ක. ඒ කතාවේ නම ‘නීතිය ඉදිරිපිට’ (Before the Law).

මේ කතාවේ ඉන්නවා දොරටුපාලයෙක්. පොර ඉන්නේ නීතිය නම් දොරටුව ඉදිරියේ. ඉතිං නීතිය ඉදිරියට එන හැමෝම මේ දොරටුපාලයාගෙන් අවසර ගන්න ඕනි නීතිය ඉදිරියට යන්න අවශ්‍ය නම්.

දවසක් ගමේ ඉඳන් මනුස්සයෙක් එනවා නීතියේ පිළිසරණ හොයාගෙන. දොරටුපාලයා කියනවා දැන් මේ උඹට ඇතුලට යන්න වෙලාව නෙවෙයි. පොඩ්ඩක් ඔහොම හිටපන් කියල. ගැමියා බලාගෙන ඉන්නවා පැත්තකට වෙලා. දින සති මාස අවුරුදු ගණන් ගතවෙනවා. තවමත් අර දොරටුපාලයා යන්න දෙන පාටක් නැහැ. දැන් මේ ගමේ මිනිහගේ ජීවිත කාලෙත් ඉවර වෙලා මැරෙන්න ඔන්න මෙන්න තියනකොට ආයෙත් ගිහිල්ල අහනවා ඇතුලට යන්න දෙන්න පුළුවන්ද කියල. එතකොට දොරටුපාලයා කියනවා ”මේ දොර ඇත්තටම තිබ්බේ උඹ වෙනුවෙන්ම තමයි. ඒත් දැන් උඹට ඇතුළට යන්න කාලයක් නැහැ. දැන් උඹ මැරෙන්න යන්නේ. මම දොර වහනවා” කියල.

DV චානක කියනවා අගමැතිණි හරිණි පාසැල් වලට දේශපාලඥයින්ට යන්න එපා කියල තිබ්බ නිසා අපි දැන් මාස හයක් එහෙම ගියේ නැහැ .දැන් කොහොමද මාලිමාවේ රංවල එහෙම ඉස්කෝලේ යන්නේ කියල.

එතකොට හරිණි කියනවා එහෙම නීතියක් තිබ්බේ නැහැ කියල. ඒ කියන්නේ ඒ දොරටුපාලය කියන දේ ඇත්ත නෙවෙයි කියන එක. බාධාව තිබිල තියෙන්නේ අපි ඇතුලේ විතරයි.

මම DV චානක මන්ත්‍රීවරයට කියන්නේ උඹල එහෙම හිටියොත් ජීවිත කාලෙම හරිණි කියන එක අහගෙන ඉන්න වෙයි. හරිණිම කියනවා එහෙම නීතියක් නැහැ කියල. ආයේ තවත් මොනවද?

මේ කිව්ව දේ මේ නැහැ කියන ගල් පැලෙන බොරු කියන්න දක්ෂ මෙයාල තව මොනවා නොකියයි ද?

රංවල ඒ කතා ගණන් ගන්නේ නැතුව තමන්ගේ වැඩේ කළා.

උඹලත් කරපල්ලා. යන්නේ කොහේද ඇහුවොත් දොරටුපාලයගේ හොම්බට දමල ඇනපල්ල….

අපරාදේ අර මාස හය …..

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...