*
Monday, March 17, 2025
spot_img

Latest Posts

බටලන්ද කොමිසම:ජනවරමක් නැහැ කියන්න එපා.රනිල් වික්‍රමසිංහට එරෙහිව ක්‍රියාත්මක වෙන්න – පෙසප

කොළඹ LNW:වත්මන් ආණ්ඩුවට ජනවරම ඇත්තේ වංචා,දුෂණවලට එරෙහිව ක්‍රියාත්මක වීමට මෙන්ම රටේ සිදුවූ දැවැන්ත මනුෂ්‍ය අපරාධයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමටත් වන හෙයින් රනිල් වික්‍රමසිංහට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ වගකීමක් මෙන්ම අයිතියක් සහ බලයක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

ඒ අනුව ආරම්භක ක්‍රියාමාර්ගයක් ලෙස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පාවිච්චි කර රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඔහුට එරෙහිව නඩු පවරා අත්අඩංගුවට ගත හැකි බවයි නාගමුව මහතා සඳහන් කරන්නේ.

”මේ ආණ්ඩුවට ජනවරම ලැබිල තියෙන්නේ ප්‍රධාන කාරණා දෙකක් උඩ. එකක් තමයි මේ රටේ වෙච්ච වංචා දුෂණවලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න. ඒවගේම මේ රටේ වෙච්ච බරපතල දේශපාලන අපරාධ වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න. ලසන්ත වික්‍රමතුංග,ප්‍රගීත් එක්නැළිගොඩ,මාධ්‍ය ආයතනවලට ගිනිතැබීම්,පාස්කු ප්‍රාහරය,මේ සියල්ල මේ රටේ වෙච්ච විශාල දේශපාලන අපරාධ. මේ රටේ ජනතාවට එරෙහිව සිදුවෙච්ච ඉතාම බරපතල අමානුෂික ක්‍රියා. ඝාතන ක්‍රියා. ඒවා සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න තමයි මේ ආණ්ඩුවට බලය ලැබිල තියෙන්නේ. එතකොට ආණ්ඩුවේම පුද්ගලයෙක් ප්‍රකාශ කරනවා නම්, අපි දන්නේ නැහැ ඒක ආණ්ඩුවේ සමස්ත ස්ථාවරය ද කියල. ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් කියනවා නම් අපට ජනවරමක් නැහැ මේකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කියල එතකොට මේකෙන් ඇගවෙන්නේ ලසන්ත වික්‍රමතුංගට,ප්‍රගීත් එක්නැළිගොඩට ඊළඟට තාජුඩින්ට ඊළඟට පාස්කු ප්‍රහාරවලට මේ කිසිවකට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ කියන එකද මේකෙන් ඇඟවෙන්නේ. ඒ ප්‍රකාශය පිටුපස තියෙන දේශපාලන යතාර්ථය එලෙස නම් එය ඉතාම කම්පනයට ලක්වෙන සුළුයි. ඒක ඉතාම බරපතලයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මෙතන තමන්ට ජනවරමක් නැහැ කියල ප්‍රකාශ කරන්න එපා. ජනවරම පැහැදිලිව තියෙන්නේ වංචා දුෂණ වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නත් ඒ වගේම මේ රටේ වෙච්ච මහා දැවැන්ත මනුෂ්‍ය අපරාධවලට එරෙහිව ක්‍රියාත්මක වෙන්නත්. ඒ නිසා පැහැදිලිව රනිල් වික්‍රමසිංහට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ වගකීමක් අයිතියක්,බලයක් මේ ආණ්ඩුවට තියෙනවා.

කොහොමද මේකට ක්‍රියාමාර්ග ගන්නේ? ආණ්ඩුව ඉදිරිපත්කරනවා මේක පාර්ලිමේන්තුවේ දවස් දෙකක විවාදයක් ගන්නවා කියල. විවාදය ගන්න. ඒ විවාදයෙන් පස්සේ මේ ආණ්ඩුවට පුළුවන් මේ කොමිෂන් සභාවම නිර්දේශ කරලා තියෙන නිර්දේශයක් තියෙනවා,ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරෙන නීතිමය ව්‍යුහයක් සකස් කරන්න. ඒක තමයි එක යෝජනාවක්. එහෙම නැත්ත මේ ආණ්ඩුවට පුළුවන් මේ කියන කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයත් පාවිච්චි කරලා ආරම්භක ක්‍රියාමාර්ගයක් විදිහට රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න,ඒවගේම මේකට එරෙහිව නඩු පවරන්න ඒ වගේම ඔහුව අත්අඩංගුවට ගන්න ආරම්භක ක්‍රියාමාර්ගයක් විදිහට. දැන් රටේ විවිධ පුද්ගලයෝ ඉදිරිපත් වෙලා සාක්ෂි ඉදිරිපත්කරනවා බටලන්ද වධකාගාරයේ වෙච්ච ඝාතන ගැන. ඒ ඝාතන ගැන ඇසින් දුටු සාක්ෂි තියෙනවා. ඒ ඇසින් දුටු සාක්ෂිකරුවන් රනිල් වික්‍රමසිංහ ගැන කියනවා. මෙතරම් අපරාධයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරද්දී ඔහුව අත්අඩංගුවට නොගන්න,ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි නොකරන්න හේතුව මොකක්ද කියන එක අපි ආණ්ඩුවෙන් විමසිය යුතුයි.”

ඒ අනුව බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් කර අවසන් නොකරන ලෙසත් එය මේ රටේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් බවත් නාගමුව මහතා අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (16) ජන අරගල සන්ධානය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan