පොල්දූව වටරවුමේ විරෝධතා ව්‍යාපාර සහ සත්‍යග්‍රාහ පැවැත්වීම වලක්වාලමින් අධිකරණ නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW):

පාර්ලිමේන්තුව ඉදිරිපිටි පොල්දූව වටරවුම ආශ්‍රිත මාර්ග අවහිර වන සේ විරෝධතා ව්‍යාපාර සහ සත්‍යග්‍රාහ පැවැත්වීම වලක්වාලමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් වේ. ඒ, අද සිට ලබන 21 වනදා දක්වා එවැනි විරෝධතා පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත පොලීසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමක් අනුවයි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ, එම සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්, මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක සහ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්. රන්වල යන වගඋත්තරකරුවන් වෙත එම නියෝගය නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

අදාළ නියෝගයේ දක්වා ඇත්තේ, අනුව අද සිට ලබන 21 වන දින දක්වා පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරයේදී හා සත්‍යග්‍රාහයේදී මහජනතාවට සහ පදිකයින්ට අවහිර බාධා වන සේ මාර්ග හරස් කර විරෝධතා පැවැත්වීමේ තහනම් වන බවයි.

එමෙන්ම මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් උද්ඝොෂණ සිදු කිරීම තහනම් බවටද එම වගඋත්තරකරුවන් වෙත අධිකරණය මඟින් නියෝග කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...