මාධ්‍ය වාර්තාකරණය ගැන පොලීසියෙන් දොස්!

Date:

කොළඹ LNW:අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිද්ධියේදී ‘බී’ වාර්තාවේ සඳහන් වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සම්පින්ඩනය උපුටා දක්වමින්, එම වින්දිත පාර්ශවය අගතියට පත් කරමින් ඇතැම් මාධ්‍ය ආයතන විසින් ප්‍රවෘත්ති පළ කර ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇතැම් මාධ්‍ය මෙලෙස පළකරන පළමු අවස්ථාව මෙය නොවන අතර මෙම සිද්ධියේදී සැකකරුගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම ඇතුළු විමර්ශනයට හා ඉදිරි නඩු කටයුතුවලට අගතිදායක ලෙස බලපාන ලෙසට එම මාධ්‍ය ආයතන විසින් කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඇතැම් මාධ්‍ය විසින් අපරාධ විමර්ශන පිළිබඳ තොරතුරු කිසිඳු සැලකිල්ලකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් විමර්ශන ක්‍රියාවලියටද බාධා සිදු වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...