පොලිස් නිලධාරියෙකුට පහර දී පලාගිය වෙලේ සුදාගේ සහෝදරයෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදාගේ” සහෝදරයෙක් වන සුනිමල් කුමාර නොහොත් “තාජු” නැමැත්තා පොලීසිය විසින් අද (17) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ගල්කිස්ස පොලීසියට අනුයුක්ත බඩෝවිට පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසක් ඊයේ පස්වරුවේ බඩෝවිට අදියර තුන ප්‍රදේශයේ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමක් දියත් කර තිබුණ අතර වැටලීම අතරතුර ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණි.

එහිදී ප්‍රදේශයේ මාර්ගයක් අසළ රැඳී සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී ඇති අතර ඒ අනුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන නමුත් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් සැකකරු පොලීසිය සමග පොරබදා ඇති අතර එම අවස්ථාවේ ඔහු කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් තුවාල සිදුකර පළාගොස් ඇත.

එම පිහි ඇනුමෙන් උරහිසට හා උදරයට සිදුවූ තුවාල හේතුවෙන් කොස්තාපල්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

ඒ අනුව එම සැකකරු අද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...