සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 17, (LNW)කොළඹ
වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ලෙස ප්‍රවීන මෙන්ම අදූෂිත ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස රට පමණක් නොව ලොව පතල රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණි පත් කර ඇත.එහෙත් එම සභාවේ සභාපතිවරයාව සිටින්නේ ප්‍රියන්ත ඒකනායකය.ඔහු ශ්‍රී ලංකාව රගර් කීර්තියේ ඉහළම අපකීර්තිය අත් කර ගත් විදේශිකයන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවීම නිසා පවුම් 50000 ක දඩයක් ගෙවීමට සිඳු වූ අවස්ථාවේ එම පරිපාලනයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියාය.එපමණක් නොව එම දඩ මුදල තීරණ ගත් නිලධාරීන්ගෙන් අය නොකර ශ්‍රී ලංකාවේ රගර්වලට ලැබෙන ජාත්‍යන්තර ආධාර මුදලෙන් අය කර ගන්නයි ජාත්‍යන්තරයට දැණුම් දුන්නේ ද එම පරිපාලනයයි.
ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තරයෙන් කියන බව පවසමින් මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පවතින ව්‍යවස්ථාවෙන් බලයට පැමිණෙන පිරිසකට සහ ජාත්‍යන්තර සංගමයට සාකච්ඡා මංඩපයක් සකසා ගැනීමට යෝජනා නොකරමින්,පවතින ව්‍යවස්ථාව එහි පවතින බලය ලත් පිරිසගෙන් වෙනස් නොකර වෙනත් පිරිසකගේ දායකත්වයෙන් වෙනස් කිරීමට අමාත්‍යවරයාගේ ආශිර්වාදය හිමි වී ඇත.දැනට එය නැවතී තිබෙන්නේ අධිකරණයේ මැදිහත්වීම මතය.අමාත්‍යවරයා එයට ආශිර්වාද කරන්නේ ආසියානු සහ ජාත්‍යන්තර රග්බි සම්මේලනවල අවශ්‍යයතාවය එය බැවිනි.
එය ආසියානු සහ ජාත්‍යන්තර සංගම්වල අවශ්‍යයතාවය වන්නේ කෙසේද? අප ඉහත සඳහන් කරන ලද ශ්‍රි ලංකාවට දඩ ගැසීමක් සිඳු වූ සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන විධායක නිලධාරියා රොෂාන් මහානාම – සිදත් වෙත්තමුණි සම්බන්ධ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මෙන්ම,එවකට සිටි සභාපති සහ ලේකම් ද ශ්‍රී ලංකාවෙන් ඒ සම්බන්ධව කිසිඳු දඬුවමක් නොකළ නිසා අද ආසියානු රගර් සම්මේලනයේ නිලධාරීන්ය.මේ වරදට සම්බන්ධ වූ පරිපාලනයේ අයට කිසි දඩුවමක් නොකර,එම දඩ මුදල ශ්‍රී ලංකා රග්බි වෙත ජාත්‍යන්තරයෙන් දෙනු ලබන ආධාරවලින් කපා දැමීමට එකඟ වූ ඩේවිඩ් කැරිගි අද මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කාර්යයට ජාත්‍යන්තරයේ සිට ලංකාවට ලිපි යොමු කරන නිලධාරියාය.
ව්‍යවස්ථාව වෙනස් කරන්නේ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට අසාධාරණයක් වන බව කියාය.එහෙත් එක් වරක් හැර අන් සැම වාරයකම සභාපති ධූරයට පත්ව ඇත්තේ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ය.මෙවරත් සභාපති පදවියට නැතත් වෙනත් තනතුරු සඳහා එම ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල සාමාජිකයෝ නාම යෝජනා භාර දී සිටිති.එහෙත් දැනට පවතින පළාත් සංගම්වලට බලය හිමි ව්‍යවස්ථා ව්‍යහුය තුළ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව අපකීර්තියට පත් කර සහ කෙසේ වූවාදැයි කිව නොහැකි ආකාරයට රග්බි පරිපාලනය ණය කළ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල පිරිසටනම් ඉදිරිපත් වීමට අවසර නොලැබෙනු ඇත.නාමල් රාජපක්ෂගේ සිටම ඒ පිරිසට බලය දීමට විවිධ ක්‍රියා මාර්ග ගැනීම් සිඳු කළ අතර වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ද ගමන් ගනිමින් සිටින්නේ ඒ මාර්ගයේමය.
ඒ පැවති දේශපාලනයට රොෂාන් මහානාම එකඟ වූයේම නැති අයෙකි.මේ ලියුම්කරු ලියන ලද කෘතියක ඔහු ගැන ද සඳහන්ව තිබියදීත් එය පැවත්වූයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ බැවින් මහානාම නොපැමිණියේය.එය මා විසින් එම කෘතිය අංගොඩ රෝහලේ පැවති උත්සවයක හමු වී තිළිණ කරද්දී රොෂාන්ම මා සමඟ කිවේ අමාත්‍යංශයේ තිබුණු බැවින් එවකට සිටි දේශපාලකයන්ද එනු ඇතැයි සිතා තමා නොපැමිණි බවය.එවැනි මනසකින් යුත් මහානාම මෙන්ම දේශපාලන කරළියේ නො‘රැඟූ සිදත් වැන්නන් ද මේ මොහොතේ දේශපාලන පත්වීමකට උර දී ඇති අතර අවාසනාව යනු ඒ රැදී සිටින්නේ දැවන්ත අපකීර්තියක් රටට අත් කර දුන් පරිපාලනයක ප්‍රධාන විධායකයාගේ ප්‍රධානත්වයෙන්ය.දූෂණ නැවත්වීම,ගෞරවණීය තත්ත්වයක් ඇති කිරීම වැනි කාරණාවලදී අමාත්‍යවරයාට උපදෙස් දීමට නියමිත උපදේශක සභාවක දේශපාලනයෙන් ආරක්ෂා වී දඬුවමක් හෝ අවවාදයක් නොලැබි අයෙකුගේ සභාපතිත්වය යටතේ රොෂාන් මෙන්ම සිදත් ද රඳවා තබා ගනිමින් උත්සාහ දරන්නේ ඒ පත් කිරීම් පිටුපස තිබෙන යම් යම් වැරදි අඩුපාඩු සහ සදාචාරසම්මපන්න නොවන කාරණා ඔවුන්ගේ උස් යහපත්කම්වලින් වසා ගෙන ඇමතිවරයාට අවශ්‍යය කරන න්‍යාය පත්‍රයත් නිවැරදි කර ගැනීමටය.
තමන් සිටින උපදේශක සභාවේ පිරිසිඳුකම ගැන මහානාමට සමහර විට නොදන්නා බැවින් ගැටළු නොමැති විය හැකිය.එහෙත් අවාසනාවකට ඔහු වැටී සිටින්නේ ඉහළින්ම අසූචි තැවරුණු තැනකය.එහෙත් ඔහු හොඳින් දන්නා ක්‍රීඩාව වන ක්‍රිකට් ආශ්‍රයෙන් මාතර පොල්හේනේ ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන අදහස් දක්වා තිබෙනු ෆෙස්බුක් හරහා දුටුවේය.
මාතර නොව උතුරට හෝ නැඟෙනහිරට හෝ එසේත් නැතිනම් නැගෙනහිර මේ වන ඇති පෞද්ගලික ක්‍රීඩාංගණය යහපත් තත්ත්වයට පත් කිරීම හෝ කළ හැකිනම් එය දේශපාලනිකවද වැදගත් විය හැකිය.කොතැන සිඳු වුව ද වඩා වැදගත් වන්නේ එය අලුතින් ඉදි කිරීම මිස වෙනත් ක්‍රීඩාවන් සඳහා ඇති ඉඩ කඩ වැසී යන පරිදි පවතින ක්‍රීඩාංගණ අත් පත් කර ගැනීමනම් නොවේය.
මහානාම පොල්හේන ඉදිකිරීමට අපේක්ෂිත ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් විරෝධය දක්වන්නේ එයින් වන මුදල් හානිය ගැන සළකා මෙන්ම එම ඉදිකිරීම්වලින් සිඳු විය හැකි මුදල් අක්‍රමිකතා ද ගැන සැක ඇති බව ව්‍යංගයෙන් මෙන් පැහැදිළි කරමින්ය.රොෂාන් මීට පෙර ද පත් කළ තනතුරුවලින් ඒවායේ විශ්වසනීයත්වය සහ අවංකභාවය ගැන සැක සිතී ඉවත්ව ගොස් ඇත.
එහෙත් මෙහිදී රොෂාන් මහානාම කරන යෝජනාවනම් “ දකුණු කලාපයේ මොරටුවේ සිට හම්බන්තොට දක්වා බොහෝ ක්‍රීඩාංගණ අප සතුව ඇති අතර, තෝරාගත් ක්‍රීඩාංගණවලට එම ක්‍රීඩාංගණ ඊළඟ මට්ටමට ඔසවා තැබීමට පහසුකම් සපයා දිය යුතුය“ යන්නය.රොෂාන් රටේ මූල්‍ය විනය සම්බන්ධයෙන් සිතා සහ ක්‍රිකට් ක්‍රීඩාවට එවැනි මූල්‍ය විනයක් නැති ව්‍යාපෘතියකින් අත් විය හැකි අපකීර්තිය සළකා අවංකව එම අදහස කියන්නට ඇති බව අපි වශ්වාස කරන්නෙමු.ඒ රොෂාන් මහානාමගේ සුපිරිසිඳු අනන්‍යතාවය හේතුවෙන්ය.
එහෙත් එහිදී ක්‍රිකට්මය වශයෙන් රොෂාන්ගේ අවධානය යොමු වන සහ වෙනත් ක්‍රීඩා සම්බන්ධයෙන් නොසළකා හරින ලද කාරණයක් ද ඇති බව අපි දකින්නෙමු.ඒ කාරණය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇසුරේ ඇති ඉතිහාසය විසින්ම මතු කළ හැකිය.සෙසු ක්‍රීඩාවන්ට අහිමි වන එම වපසරිය 1975 දී ජාතික ක්‍රීඩා උළෙල පවා පවත්වන්නට තෝරා ගත්,ගාල්ලේ වෙනත් ක්‍රීඩාවන් හී ද ප්‍රබෝධයට සහ ප්‍රවර්ධනයට බල පෑ බිමකි.එම ක්‍රීඩා උළෙල සම්බන්ධ තොරතුරු මේ වන විටත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ තිබිය යුතු අතර එසේ නැතිනම් අනිවාර්යෙන්ම මෙම කරුණු ගැන සත්‍ය තොරතුරු ක්‍රීඩා විද්‍යායතනයේ පුස්තකාලය පිරික්සීමෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.
ඒ නිසා රොෂාන් මහානාම පවසන අදහස ප්‍රායෝගික වන්නේ එයින් වෙනත් ක්‍රීඩාවන්ට ඇති ඉඩ ඇහිරෙන්නේ නැතිනම් පමණි.දැනට ක්‍රිකට් සඳහාම යොදා ගන්නා මොරටුව සිට හම්බන්තොට දක්වා ඇති බිමක් සංවර්ධනය කිරීම කරන්නේනම් එයට විරුද්ධත්වයක් නැත.එසේ දන්නා තරමට ඇත්තේ මග්ගොන සරේ ක්‍රීඩාංගණය පමණක් බව ද කිව යුතුය.ගාල්ලට කළ දේ ම මාතරට ද කරන්නට වරක් උත්සාහ ගත්තත් එය වැළකිණ.ඒ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයටය.එයද 1979 දී ජාතික ක්‍රීඩා උළෙල පැවත් වූ ක්‍රීඩාංගණයකි.
ඒ නිසා රොෂාන් මහානාමයන් ට ක්‍රිකට් ක්‍රීඩාවට ඇති අප්‍රමාණ ආදරය නිසා ද, මූල්‍ය විනාශය වැළක්වීම කෙරෙහි ඇති අවංක උවමනාව නිසා ද මේ කාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී සෙසු ක්‍රීඩාවන්ට විය හැකි අලාභය අමතක වන්නට ඇති බව හැඟෙන්නේය.එහෙත් තමන්ට දැනෙන හැඟීම රජයෙන් ලබා දි ඇති ගෞරව සම්ප්‍රයුක්ත තනතුර රැක ගැනීම පිණිස භාවිතා නොකර ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ අවධානයට ලක් කිරීම ද අගනේය.එහෙත් අප කරන යෝජනාව දකුණට නොව මෙවැනි ක්‍රිකට් ක්‍රීඩාංගණයක් යා යුත්තේ උතුරට හෝ නැගෙනහිරට බවය.දැනටත් දකුණට දිවා රාත්‍රී තරග පැවත්විය හැකි අන්දමට හම්බන්තොට සූරියවැවත්,ටෙස්ට් ක්‍රීඩා කිරීම සඳහා ගාල්ලේත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ඇත.
ඒ පිළිබඳව මහානාමයන්ගේ අදහස් දැක්වීමක් වන්නේනම් එය අගනා කටයුත්තක් වනු ඇත.එයද හැබැයි වෙනත් ක්‍රීඩාවල පැවත්මට අනතුරක් සිඳු නොවනාකාරයේ අලුත්ම බිමක විය යුතුය.එසේම අප තවමත් මහානාමයන්ට තමන් සාමාජිකත්වය දරණ ක්‍රීඩා ජාතික සභාවේ සභාපතිවරයා මේ රටේ රගර් ක්‍රීඩාවේ සිඳු වූ රටට රගර් ක්‍රීඩාව හරහා ඇති කළ අපකීර්තිමත්ම සටහන සහිත සිඳුවීමට වගකිව යුතු පරිපාලනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සිටි බව කියන්නෙමු.එම වරදට දඬුවම ලෙස පවුම් 50000 ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ උන්නතියට ලබා දෙන ආධාර මුදල්වලින් අඩු කර ගැනීම සම්බන්ධයෙන් ලෝක සම්මේලනය සහ ශ්‍රී ලංකාව අතර විද්‍යුත් තැපෑලෙන් සිඳු වූ අදහස් හුවමාරු කර ගැනීමට ඔහු ද සම්බන්ධ වි ඇති බවට ඇති සාක්ෂි ක්‍රීඩා අමාත්‍යවරයා නොදුටු සේ සිටිනාකාරයට රොෂාන් මහානාම ද සිටිනු ඇතැයි අප නොසිතන බැවින් ඒ ගැන සොයා බලන ලෙස ද ඉල්ලමු.!
එසේම 1996 දී හ්‍රී ලංකාව දිනා ගත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනා දීමට මහානාමයන් කළ කැපවීම ද ඒ සඳහා වසර 29 ක් පිරෙන දිනයේ සටහන් නොකරම බැරිය.එම තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ක්ලයිව් ලොයිඩ් තරග තිරඛවරයා ලෙස ශ්‍රී ලංකාවට ජය පිරි නැමූ තරගයේදී බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වන්නේ අරවින්ද ද සිල්වා දියත් කළ ඉණිමටය.එහෙත් එහිදී ආබාධයක් සහිතව සිටියදී බවා මහානාම රැස් කළ අර්ධ ශතකය එම කුසලානය කරා ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යය මාර්ගය සකස් කළ ප්‍රධානම මං සළකුණක් බව කිව යුතුය.නමින් පමණක් නොව මහත්මා ගති ගුණ අතිනි ද,ක්‍රිඩකයෙකු සහ තරග තීරකවරයෙකු ලෙසින් ද මහානාමයක් බවට පත් වූ රොෂාන් මහානාමට මේ ලිපියේ දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් යම් අදහසක් දැක්වීමට වෙබ් අඩවියේ ඉඩ ඕනෑම මොහොතක විවෘත බව ද දන්වා සිටින්නෙමු.
