ඇමරිකාව සහ ඊශ්‍රායලය දැන් දන්නවා ‘ඔවුන් කටයුතු කරන්නේ කුමන ආකාරයේ ජාතියක් සමඟද’ කියලා -අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය තුන්වන සතියට එළඹෙත්ම, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ජාත්‍යන්තර මාධ්‍ය හා පැවති සාකච්ජාවකදී සඳහන් කර තිබුණේ ඇමරිකාව හා ඊශ්‍රායලය මේවන විට ‘ඔවුන් කටයුතු කරන්නේ කුමන ආකාරයේ ජාතියක් සමඟද’ යන්න අවබෝධ කරගෙන ඇති බවයි.

එමෙන්ම ඇමරිකාව සමඟ කිසිදු සාම සාකච්ජාවක් නොමැති බවත්, මෙම යුද්ධය බලහත්කාරයෙන් ඉරානය මත පටවන ලද එක්ක බවත්, තම රට ඉදිරියටත් යුද්ධය ගෙන යාමට සූදානම් බවත් ප්‍රකාශ කර ඇති විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙම යුද්ධය අපගේ සතුරන් නැවත කිසි දිනෙක මෙම ප්‍රහාර නොකිරීමට අවසන් විය යුතු බවයි.