ඡන්දයක් නවතමින් අතුරු තහනම් නියෝගයක්

කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, තම පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නව ලංකා නිදහස් පක්ෂය විසින් ගොනුකර ඇති පෙත්සමක් ඊයේ (16) සලකා බැලූ අවස්ථාවේදී ය.

මෙම පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව එම මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.

පෙත්සම ගොනු කර තිබුණේ නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් තිලක් වරාගොඩ මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතා විසිනි.

RN