ඡන්දයක් නවතමින් අතුරු තහනම් නියෝගයක්

Date:

කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, තම පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නව ලංකා නිදහස් පක්ෂය විසින් ගොනුකර ඇති පෙත්සමක් ඊයේ (16) සලකා බැලූ අවස්ථාවේදී ය.

මෙම පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව එම මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.

පෙත්සම ගොනු කර තිබුණේ නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් තිලක් වරාගොඩ මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතා විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...