පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක්..

Date:

නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ , මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් පමණ ඉදිරිපත් කර තිබෙන බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කළේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

“පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වනවිට මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් විවිධ පාර්ශ්ව විසින් ගොනු කර තිබෙනවා. එම පෙත්සම්වල අන්තර්ගත කරුණුවල සත්‍ය අසත්‍යතාව නිවැරදි ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා”

යනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් අයැද සිටියේය.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ, ඉකුත් ජනවාරි මස 20 වනදා වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ගාලු මුවදොර මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තිකයින් විසින් පාගමනක් සංවිධානය කර තිබූ බවත් , නිත්‍යානුකූල ලෙස සාමකාමීව සිදු කළ එම පෙළපාලියට පොලීසිය විසින් විවිධ අවස්ථාවල හිරිහැර හා බාධා කිරීම් සිදු කළ බවත් ඒ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කොටුව සහකාර පොලිස් අධිකාරි නලීන් දිල්රුක්, කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා, ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා (16) මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදි.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදන ලෙස ඉල්ලා සිටි අතර , ඒ අනුව වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් මස 28 වනදා දක්වා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම සලකාබැලීම සඳහා මැයි මස 31 වනදා කැඳවන ලෙසත් නියෝග කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...