ක්‍රීඩා අමාත්‍යංශය දුන් දේ කියයි

Date:

ජාත්‍යන්තර තරගාවලි වෙනුවෙන් ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලන සඳහා 2022 වර්ෂයේ හා 2023 වර්ෂයේ පෙබරවාරි මස දක්වා අමාත්‍යවරයාගේ අනුමැතිය පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් හා ජාතික ක්‍රීඩා අරමුදල මගින් ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදන තොරතුරු ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍යයට නිකුත් කර ඇත.

එහිදි වැඩිම වාර ගණනක් අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන හිමිව ඇත්තේ,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ය.ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විට ක්‍රීඩා සංගම්වලට මේ වන විට අනුග්‍රහයන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දිය නොහැකි බව දන්වා යවා ඇති අතර ඒ අනුව ක්‍රීඩාවන් කොපමණ ප්‍රමාණයක ක්‍රීඩාවන් සඳහා ජාත්‍යන්තර සහභාගීත්වය මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා නැති වී ඇද්ද යන්න සහ එසේ වී නැද්ද යන්න පිළිබඳවත් දැනුවත් වීමක් කළ හැකිව තිබුණේනම්,රටේ ක්‍රීඩාවේ තත්ත්වය මෙන්ම රටේ තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමටත් එය වැදගත් වන්නට තිබිණ.

මේ ගැන අවධානය යොමු කර ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් එසේම ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා සංගම්වලට දැණුම් දී ඇති පරිදි අනුග්‍රහ දැක්විමේ දුෂ්කරතා පදනම් කරගෙන 2022/2023 වසර තුළ ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කරන ලද ඉල්ලීම් කොපමණ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කළේද යන්න සම්බන්ධයෙන්ද තොරතුරු ලබා දෙන ලෙස ද අපි ඉල්ලිමක් කළෙමු.

මේ සමඟ ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධ තොරතුරු ද දක්වා ඇත.



නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන සැලසීම වෙනුවෙන් ජපානයෙන් තවත් වෛද්‍ය කණ්ඩායමක් එයි!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදාවන්ගෙන් විපතට පත් ශ්‍රී...

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලයෙන් රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල්...

ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...