*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO)බැසිල්ගේ සැලසුම එළියට.බැසිල්ගෙන් රනිල්ට ගැලවීමක් නැති වෙද්දී බැසිල්ගේ මඟ යමින් රනිල් සජිත්ට දැල එලයි!

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගැලවුම්කරු ලෙස නම් දරා සිටින එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු පසුගිය 14 වැනිදා සිරස නාලිකාවේ විශේෂ දේශපාලන සාකච්ජාවක් පවත්වමින් ඔහුගේ දේශපාලන අභිමතාර්ථ, අපේක්ෂාවන් ගැන සැලකිය යුතු පැහැදිලි කිරීමක් කර තිබුණා.

මේ වන විට ඔවුන්ගෙන් ගිලිහි ගොස් තිබෙන බලය නැවත ඒකරාශී කරගැනීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ සිය දේශපාලන ඥානය මෙහෙයවමින් තිබෙන ආකාරය එහිදී පැහැදිලිව පෙන්නුම්කර තිබෙන අතර බැසිල්ගේ මේ මොහොතේ දේශපාලන අපේක්ෂාව ද ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වූ බව නම් කිව හැකියි.

ජාතික මැතිවරණ අපේක්ෂාවෙන් පසුවන සමාජයකට ඔහු දේශපාලනිකව හොඳ ඉන්ජෙක්ෂන් එකක් දුන්නා එකත් ඒ සාකච්ජාවෙන් පැහැදිලියි.

ලංකාවට පය තියපු සැණින් වුණත් රාජපක්ෂ මහතා පැවසුවේ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ජානාධිපතිවරණයට යාම නොව මහ මැතිවරණයකට යාම බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ජා කර තිබෙන බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග හරහා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

මේ අතරේ මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටු නඩේට උපදෙස් දීලා තියෙන්නේ පක්ෂේ තීරණයක් නැතුව මැතිවරණ සම්බන්ධයෙන් තමන්ගේ පෞද්ගලික අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්න එපා කියල. විශේෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එහෙම.

ජාතික ජන බලවේගය සහ සමඟි ජන බලවේගය ජනාධිපතිවරණයක් ඉලක්ක කරගනිමින් සිය මැතිවරණ මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක කරමින් තිබෙන පසුබිමක සමාජයේද වැඩි අවධානය යොමුව තිබෙන්නේ ජනාධිපතිවරණයක් දෙසට.

එහෙම වුණත් මේ වෙද්දී ජනාධිපතිවරණයද මහ මැතිවරණයද යන දෙක අතර දෝලනය වෙමින් පවතින තත්ත්වයක් දක්නට ලැබෙනවා.

රට ඉස්සරහට දමමින්,ජනතා සුභසෙත ඉස්සරහට දමමින් බැසිල් රාජපක්ෂ විසින් මහ මැතිවරණයක අවශ්‍යතාව ඉතා ලගන්නා සුළු අන්දමින් දැන් පැහැදිලි කර තිබෙනවා.

එහිදී ඔහු කිසිවෙකුට මඟහැර නොයන අතර රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සමඟි ජන බලවේගය පමණක් නොව ජාතික ජන බලවේගයට පවා එක්ව නැගී සිටිමු යන්න දැන් යෝජනා කරමින් තිබෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය යන දේශපාලන ධාරාවන් එකට එකතු කරගැනීමේ දැඩි වුවමනාවක් බැසිල් රාජපක්ෂ තුළ පෙනෙන්නට තිබෙන අතර එය සාධාරණිකරණය කරන ආකාරයද ඔහුට අනුව වැරද්දක් නැහැ.

බැසිල් රාජපක්ෂ මහත්මයා පවසන ආකරයට නීත්‍යානුකූලව,ව්‍යවස්ථානුකූලව ජනාධිපති මැතිවරණයට දින වකවානු තියෙනවා. හැබැයි ඒ අතර රජයකට අවශ්‍ය නම් මහ මැතිවරණය හෝ වෙනත් මැතිවරණයක් පවත්වන්නත් පුළුවන්. පක්ෂයක් විදිහට අපි තවම ඒ ගැන තීන්දුවක් අරන් නැහැ කියලත් ඔහු සිරස නාලිකාවේ සම්මුඛ සාකච්ජාවේදී පවසනවා.

උපුටා ගැනීම

නමුත් විවිධ මත තියෙනවා ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මන්තිවරනයටක යන එක හොඳයි කියල. හැබැයි මම ඒක පෞද්ගකිලව ප්‍රකාශ කරලා නැහැ. පක්ෂයක් හැටියට අපි තීන්දුවක් අරගෙනත් නැහැ. මගේ අදහස නම් ජනාධිපති මැතිවරණයකට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්තුවොත් මෙතෙක් ඉතිහාසය අනුව ජනතවට යථාර්තවාදීව තියෙන පෙනුම පේන්නේ නැහැ. මොකද ජනාධිපති මැතිවරණය දිනන පක්ෂයට අසීමිත බලයක් එන්න පුළුවන්. ඒ තත්ත්වය හොඳ නැහැ කියල මම හිතනවා. ඒ නිසා ජනාධිපති මැතිවරණයට බලපෑමක් ඇති නොවන ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා නම් බොහොම තුලනාත්මක පාර්ලිමේන්තුවක් ඇති වෙයි. කිසිම කෙනෙක් හෝදලා යන්නෙත් නැහැ. කිසිම කෙනෙක් නැති වෙලා යන්නෙත් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් අසීමිත බලයක් එන්නේ නැහැ.
උපුටා ගැනීම අවසන්.

කොහොමත් රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ලෙස පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැමැත්ත සහ අනුග්‍රහය මත වන අතර බැසිල් රාජපක්ෂ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබා තිබීමද මෙහිදී සුවිශේෂියි.

ඒ අනුව එක අතකින් දැන් මේ වැල් පාලමෙන් පොහොට්ටුවට එතෙර වෙන්න රනිල්ගේ සහයත් අවශ්‍යම බව කවුරු නැතත් බැසිල් රාජපක්ෂ දන්නවා.

අනිත් පැත්තෙන් රනිල්ගේ UNP ජන්ද ටික තියෙන්නේ සජිත් ළඟ නිසා මේ වෙලාවේ සජිත්ට කටුව ගහන එකත් මහ මැතිවරණයකදී දේශපාලනිකව රාජපක්ෂලාට අවශ්‍යම දෙයක්.

බැසිල්ගේ සැලසුම අනුව ප්‍රධාන වශයෙන් රනිල් සජිත් හවුලක් ඇතිකිරීමට හැකි වුණොත් ආණ්ඩු පක්ෂයෙන් ගැලවිලා විසිරිලා ඉන්න කණ්ඩායම් නිකම්ම ලෙස්සලා තමන්ගේ පැත්තට එන බව බැසිල් රාජපක්ෂට පැහැදිලි විශ්වාසයක් තිබෙනවා.

ආණ්ඩුවෙන් විසිරිලා ගැලවිලා ඉන්න අයත් එකතු කරගන්න වැඩක් හැදීම අවශ්‍ය බව ඔහු දැන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලත් තිබෙනවා.

වෙන කවුරුවත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේනත් ඔය පොදු වේදිකාවට ගොඩවෙන එක ෂුවර්.

ලන්සලා, ප්‍රසන්න රණතුංගලාගේ නව සන්ධාන කෙලියේත් දිග පළල දැන් පැහැදිලි වෙමින් තිබෙන බවත් මෙතෙනදී මතක් කරගැනීමත් වැදගත්.

සමඟි ජන බලවේගය තුළ වුණත් ඉදිරිපෙළ බොහෝ දෙනෙකුගේ ඇඟේ තිබෙන්නේ වික්‍රමසිංහ දේශපාලනය කියන එකත් දැන් වරින් වර මතුවෙමින් තිබෙනවා.

බැසිල් රාජපක්ෂගේ වචන වලින්ම කියනවා නම් දේශපාලනයේදී සදාකාලික මිතුරොත් නැහැ හතුරොත් නැහැ. එහෙම තත්ත්වයක කාලයක් එක පතේ කාගෙන හිටපු අයට නැවත එකතු වෙන්න අවස්ථාවක් නැහැ නැත්නම් එහෙම එකතු වෙන්නේ නැහැ කිව්වත් ඒ ගැන එහෙමටම විශ්වාස කරන්නත් බැහැ.

හොඳම උදාහරණය තමයි මහින්ද රාජපක්ෂ එක්ක එකට ආප්ප කාලා ඇවිත් මහින්ද ගෙදර යවල ජනාධිපති පුටුවේ ඉඳගත්ත මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නැවත වරක් මහින්දගේ කරට අත දා ගත්ත එක.

දැනට දැනගන්න තියෙන විදිහට නම් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවලදී ජාතික ජන බලවේගයට ගහන එක වෙනුවට සමඟියට ගහන්න කියලත් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ කණ්ඩායමට උපදෙස් දීලා තියෙනවා.

සමඟිය හති වට්ටන්න වගේ එයාලා හදන්නේ.

දේශපාලනය තුළ ඉතින් ඕක අලුත් දෙයකුත් නෙවෙයි. බලය වෙනුවෙන් කලිසම වුණත් ඔලුවෙන් ගලවයි කියල තමයි දේශපාලනය ගැන සංවේදී බොහෝදෙනා පවසන්නේ.

මොකද පහුගිය 10 වැනිදා කුලියාපිටියේදී සැබෑව වේදිකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයගේ හැසිරීම වුණත් වෙනස්. රනිල් වික්‍රමසිංහ කියන බ්‍රෑන්ඩ් එක ටිකක් වෙනස් වෙලා කියල තමයි බොහෝ දෙනා කියන්න පටන් ගත්තේ. තමන්ගේ වැඩපිළිවෙල ගැන කතා කරන එක වෙනුවට වෙනදට වඩා වෙනස් ස්වරයකින් ඒ කියන්නේ වික්‍රමසිංහ අන්නන්‍යතාවට පිටින් යමින් සමඟියට හා මලිමාවට ගහපු එකෙන් ඉදිරි මැතිවරණ සමය ගැනත් ඉඟියක් දීලා තියෙනවා.

හැබැයි හුදෙකලා සටන්වලින් ගොඩයාමක් නැහැ කියල කොයි කවුරුත් දන්නා නිසා තමයි බැසිල් රාජපක්ෂ ඔය කියන හැමෝටම ගොඩයෑමක් තියෙන විදිහට වැඩේ ප්ලැන් කරන්නේ.

මෙතෙනදී හෙට අනිද්දට පාර්ලිමේන්තුවේදී කථානායකට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවට එරෙහිව ආණ්ඩුව තමන්ගේ බහුතර බලය පෙන්වීම තුළ ජනාධිපතිවරයාගේ එකඟතාව මත පාර්ලිමේන්තුව විසිරුවා හරින්න අදාළ කටයුතු සැලසුම් වෙන්නත් පුළුවන්.

කොහොමත් බැසිල් රාජපක්ෂගෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ගැලවිල්ලක් නැහැ කියන එක එනම් දැන් ෂුවර්.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan