අලුත්ම සමීක්ෂණ වාර්තාව නිකුත් වෙයි. සමගි ජන බලවේගය ඉදිරියෙන් !

Date:

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට මත විමසුම් ආයතනයක් විසින් සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවක් පසුගිය සඳුදා දිනයේදී නිකුත් වී ඇති බව වාර්තා වේ.

මෙම මත විමසුම සිදුකළ ආයතනය මෙරට ආණ්ඩු පක්ෂ – විපක්ෂ සියලුම දේශපාලන කඳවුරු මෙන්ම තානාපති කාර්යාල පවා පිළිගන්නා, ජාත්‍යන්තර කීර්තියට පත් ආයතනයක් බවත් ඔවුන් පසුගිය දශක දෙකක කාලය පුරා මෙරට දේශපාලනය සම්බන්ධයෙන් මත විමසුම් සිදුකර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ඉතා නිවැරදි තොරතුරු අනාවරණය කළ ආයතනයක් වශයෙන් සැලකෙන බවත් සඳහන්.

එම සමීක්ෂණයට අනුව මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය යි.

සමගි ජන බලවේගය – 39%
ජාතික ජන බලවේගය – 20%
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 09%
එක්සත් ජාතික පක්ෂය – 5%
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 5%

වශයෙන් ඡන්ද ප්‍රතිශත ලබාගනු ඇතැයි එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම සමීක්ෂණය උතුරු පළාත සහ නැගෙනහිර පළාත හැර අනෙකුත් පළාත් 07 පමණක් පාදක කරගනිමින් සිදුකර ඇති බවත් වාර්තා විය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා මෙම සමීක්ෂණ වාර්තාව පැමිණෙන තුරු පක්ෂ – විපක්ෂ දේශපාලන ප්‍රධානීන් පසුගිය සති කිහිපයක් තිස්සේම මග බලමින් සිට ඇති අතර ඒ අනුව ඉදිරියේදී දේශපාලන පෙරළි ගණනාවක් සිදුවීමට නියමිත බවත් දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසය වනවිට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් ප්‍රධාන දේශපාලන පක්ෂවල සන්ධානගතවීම් පිළිබඳ තීරණ අප්‍රේල් මාසය තුළ අවසන් කරගැනීමට ඔවුන්ට අනිවාර්යයෙන්ම සිදුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක්...

හද වේදනා මෙසේ රැයේ කියා – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු...

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...