නඩු දැමීම : කෝප් සභාපති රෝහිතට විජිතගෙන් ප්‍රතිචාර !

Date:

තමන්ට අපහාස නඩු පවරන බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

“හොරාට හොරා කිව්වාම කලබල වෙනවා. හොරාට හොරා කියන්න අපි බය නෑ. ඇයි බය නැත්තෙ ? හොරා හොරා කියන්නෙ නැතුව මොකක්ද කියන්නෙ ? දැන් බස් එකේ යනකොට කෝච්චියෙ යනකොට ඔයාලාගෙ පර්ස් එක පොකට් ගැහුවොත්, මාලෙ කඩාගෙන දුවන හොරාට කියනවා අන්න හොරෙක් අන්න හොරෙක් හොරා හොරා කියලා. හොරාව අල්ලලා දෙනවානෙ පොලීසියට. හොරාව පොලීසියෙන් දානවා උසාවියට. උසාවියෙන් නඩු අහනවා. නඩු අහලා අන්න තීන්දුව දෙනවා හොරකම කළාද නැද්ද කියලා. රෝහිත අබේගුණවර්ධන මම හොරා කිව්වා කියලා මට විරුද්ධව උසාවි යනවාලු, නඩු යනවාලු, එන්තරවාසි එවනවාලු. බොහොම හොඳයි. අපටත් අනගි අවස්ථාවක් තියෙනවා උසාවියේදී කරුණු ඉදිරිපත් කරන්න ඇයි අපි එහෙම කිව්වෙ, මොකක්ද හේතු, මේ රටේ ජනතාවට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මහජන නියෝජිතයෝ කියාගන්න අය කරපු අපරාධ, දූෂණ මොනවද කියන එක”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (17) බලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...