ඉන්දියාවේ අහමදාබාද් විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ රාමසාන් යාඥාවට සහභාගි වූ විදේශීය සිසුන්ට ප්‍රහාරයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ ශුද්ධ වූ රාමසාන් මාසය තුළ යාඥා කරමින් සිටි විදෙස් සිසුන් පිරිසකට හින්දු අන්ත දක්ෂිණාංශික කල්ලියක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය හේතුවෙන් සිසුන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතරදෙනෙනෙකුගේ තත්වය බරපතල බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වීඩියෝ පට රැසක් සංසරණය වන අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

අහමදාබාද්හි පිහිටි විශ්ව විද්‍යාලය මණ්ඩපයේ මුස්ලිම් පල්ලියක් නොමැති බැවින් ඇෆ්ගනිස්ථානය, උස්බෙකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අප්‍රිකානු රටවල් කිහිපයක පැමිණි මුස්ලින් සිසුන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ යාඥා කරමින් සිටියදී පොලු සහ පිහිවලින් සන්නද්ධ 250ක පමණ පිරිසක් නේවාසිකාගාරයට කඩා වැදී ‘ජයි ශ්‍රී රාම්’ යැයි ප්‍රකාශ කරමින් මුස්ලිම් සිසුන්ට පහර දී ඔවුන්ගේ කාමරවලට හානි කර ලැප්ටොප් යන්ත්‍ර, දුරකථන ආදියට හානි කර තිබේ.

දකුණු හයිද්‍රාබාද් නගරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අසාදුදීන් ඔවයිසි, අගමැති නරේන්ද්‍ර මෝදි සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගෙන් ඉල්ලීමක් කරමින් Xසමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ඔබේ භක්තිය සහ ආගමික සටන් පාඨ එළියට එන්නේ මුස්ලිම්වරුන් සාමකාමීව ඔවුන්ගේ ආගම අදහන විට පමණක් වන බවත්, මෙය මොන නින්දවක්ද යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...