*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

අපි පාතාලය නැති කරන්න තීරණය අරන් ඉවරයි – ටිරාන් අලස්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): විවිධ අයුරින් ජාත්‍යන්තරයෙන් බලපෑම් ආවද මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටී.

කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රජා පොලිස් කමිටු සාමාජික හමුවට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේය.

තවද, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් අද(18) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, උපරිම ධාරිතාවයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවත්, දකුණු පළාත ආශ්‍රිතව වාර්තාවන සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“කිසිම ගමක හෝ නගරයක චණ්ඩි ඉන්න බෑ. ඒ චණ්ඩි තමා ඊට පස්සේ ටී පනස් හය පාවිච්චි කරලා මිනී මරන තැනට එන්නේ. මේ පළාත්වලත් එවැනි චණ්ඩි ඉන්නවා. ඒක හින්දා කරුණාකරලා අපිට සෑම තොරතුරක්ම ලබා දෙන්න. අපි පාතාලය නැති කරන්න තීරණය අරන් ඉවරයි.

පාතාලය පසුපස හඹා යන එක අපි නවත්තන්නේ නෑ” යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පසුගියදා වවුනියාවේදී පැවැසීය. “තමන්ගේ ගමේ නගරයේ කුඩු විකුණන්නෙ කවුද කියන එක අපට වඩා දන්නේ ඔබයි. ඒක නිසා එම තොරතුරු අපිට ලබා දෙන්න. ලොකු පොඩි කවුරු වුණත් ඒ දේ කරන සියලු දෙනාම අපි අත්අඩංගුවට ගන්න බව පොරොන්දු වෙනවා. පාතාලය ගැනත් අපට තොරතුරු ලබා දෙන්න.”

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ වවුනියාව හා මන්නාරම කොට්ඨාසවල මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සහ ද්‍රවිඩ භාෂාවෙන් පැමිණිලි සහ තොරතුරු ලබාදීම සඳහා “‍107” හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමකට සහභාගි වෙමින්ය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

“මට අවශ්‍ය වුණේ දකුණු පළාතේ විශේෂයෙන් එක දවසකින් මුළු දකුණු පළාතම මෙවැනි රැස්වීම් මාලාවකින් ආවරණය කරන්න. ගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා මෙහෙයුම ආරම්භ කරන බව කීවේ ඊට පෙර දවසේ 16 වැනිදා රැස්වීමකින්. ඇමැතිකම භාරගත් පසු දුටු ප‍්‍රධානම ප‍්‍රශ්නයක් වුණේ මත්ද්‍රව්‍ය හා පාතාලයයි. මේ කුඩු ජාවාරමුන් මුදල් මිලියන ගණනින් සල්ලි විසි කරන්න ලෑස්තියි. සමහර රටේ පිළිගත් උදවිය පවා ඒ සල්ලිවලට යට වෙලා. ඒ අය දැන් ජාත්‍යන්තරයත් අල්ලගෙන පොලිස්පතිතුමාගේ ධුරය නැති කරන්න බලපෑම් කරනවා. ලියුම් ගහනවා. නිවේදන නිකුත් කරනවා.

අපි කරන්න තියෙන දේ පසුබට නොවී කරනවා. මේ මෙහෙයුමට ජාති භේදයක් නෑ. ආගම් භේදයක් නෑ. දේශපාලනයක් නෑ. අපේ පොලිසිය මගේ අමාත්‍යාංශය යටතේ තියෙනකම් අපි ක්‍රියාත්මක කරන බව මම කියන්න ඕන. මේ පහුගිය අවුරුදු එකහමාරේ පොලිසියට බලපෑම් කරන එක ගොඩක් අඩුවෙලා තියෙන්නේ. ඉස්සර ඕ.අයි.සී. කෙනෙක් මාරු කරන්නේ ලියුම් අරගෙන එක්කෝ ටෙලිෆෝන් කෝල් එකකින්. ඒ දේවල් දැන් වෙන්නෙ නෑ. මම මේ ඇමැතිකම දරනකන් ඒ කිසිවකට මම ඉඩ තියන්නේ නෑ.

අපි ඔක්කොටම වඩා ඔබ සියලු‍ දෙනා තමයි තමන්ගේ ගමේ නගරයේ කුඩු විකුණන්නෙ කවුද කියන එක දන්නේ අපිට වඩා ඔබ සියලු‍ දෙනා. ඒක නිසා ඒවා අපිට ලබා දෙන්න. කිසිම ගමක හෝ නගරයක චණ්ඩි ඉන්න බෑනේ. ඒ චණ්ඩි තමා ඊට පස්සේ ටී පනස් හය පාවිච්චි කරලා මිනී මරන තැනට එන්නේ. මම දන්නවා මේ පළාත්වලත් එවැනි චණ්ඩි ඉන්නවා. ඒක හින්දා කරුණා කරලා අපිට සෑම තොරතුරක්ම ලබා දෙන්න. කිසි බයක් නැතුව තොරතුරු සපයන්න. අපි දුරකථන අංක ලබා දීලා තියෙනවා. කවදාවත් අපිට තොරතුරු ලබා දුන්න අයගේ නම් එළියට යන්නේ නෑ. ඒක හින්දා කිසි දේකට බය වෙන්න ඕන නෑ.

මිනිස්සු තුවක්කුවක් අරන් ගිහිල්ලා තව එක්කෙනකුට වෙඩි තියලා මෝටර් සයිකලයකින් නැඟලා යද්දි අපිට ඉඩ දෙන්න බෑ. ඉතින් අපි පාතාලය පසුපස හඹා යන එක නවත්තන්නේ නෑ. අපි තර්ජන මැද මෙවැනි දේවල් කරන්න ඉදිරිපත් වෙලා ඉන්න වෙලාවක ඔබ සියලු‍ දෙනා අපි එක්ක අත්වැල් බැඳගෙන මේ රට කුඩුවලින්, පාතාලයෙන් බේරගන්න එකට සහාය දෙන්න ඕන. එහෙම සහාය දුන්නේ නැත්නම් දූ දරුවෝ කුඩු බොන්න ගත්තහම එක්කෝ නරක අතට යනකොට ඉදිරියේදී ඔබලටම දුක් වෙන්න වෙනවා.

මම දැකලා තියෙනවා මේ පළාත්වල ජනතාව කොච්චර දුක් වින්දද කියල යුද්ධය නිසා. මම 2002 කාලෙ ඉඳන් 2005 වගේ වෙනකම් මම නිතරම මේ පළාත්වලට ආවා. වවුනියා, කිලිනොච්චි, මුලතිව්, යාපනය ඒ පළාත්වලට මං ආවා. ඒ කාලේ මේ පළාත්වල මොබයිල් ෆෝන් තිබුණේ නෑ. මම තමයි ඩයලොග් එක එක්ක එකතු වෙලා උතුරට මොබයිල් ෆෝන් ඉස්සෙල්ලම ගෙනාවේ. හැබැයි ඒවා කරන්න ගිහිල්ලා එවකට රජය විසින් මම එල්.ටී.ටී.ඊ.යට සල්ලි දුන්න කියලා මාව හිරේ දැම්මා. නමුත් ඒවායින් මම පසුබට වුණේ නෑ. මම කරන්න තියෙන දේ දිගටම කරගෙන ආවා. මම පොලිසිය භාර ඇමැති වෙයි කියලා ඒ දවස්වල කවුරුත් හිතුවේ නෑ.

පොලිස්පතිතුමා තේරුම් කරලා දුන්නා වගේ අපි අද ඉඳන් මේ එකසියහත කියන හොට්ලයින් එක පටන් ගත්තේ මේ ජනතාවගේ අවශ්‍යතා හඳුනන නිසයි. ඒක අපි වවුනියාවේ පිහිටෙව්වට රටේ ඕනෑම පුරවැසියකුට දෙමළ බසින් පැමිණිල්ලක් කරන්න ඕන නම් කොළඹින් වුණත්, යාපනයෙන් වුණත්, මඩකළපුවෙන් වුණත් එකසිය හත ඩයල් කරහම දෙමළ භාෂාවෙන් පැමිණිල්ල කරන්න පුළුවන්. අපි මෙවැනි දේවල් කරමින් මේ පළාත්වලට එන්නේ ඔබ සියලු‍ දෙනාට උදවු කරන්න. කිසි ප‍්‍රශ්නයක් නැතුව ඒ පළාත්වල ජීවත් වෙන්න පුළුවන් වෙන්න.

මම අවසාන වශයෙන් කියන්නේ අපි මේ මෙහෙයුම නවත්තන්නෙ නෑ. මේ රටින් කුඩු සහ පාතාලය තුරන් කරන තෙක් අපි මේ මෙහෙයුම දිගින් දිගට කරනවා. මම විටින් විට මේ කුඩු ජාවාරමේ ඉන්න අයටයි පාතාලේ ඉන්න අයටයි කරුණාකරලා මේක නවත්තන්න නැත්නම් විපාක විඳින්න වෙයි කියන පණිවුඩය මම දිගටම දෙන්නේ ඒකයි. ඔබ සියලු‍ දෙනාම දිගටම අපි එක්ක එකතු වෙලා අපි පොලිසියේ අයව දිරිමත් කරලා තම තමන්ගේ ප‍්‍රදේශ බේරගෙන තමන්ගේ පවුල් බේරගෙන තමන්ගේ දූ දරුවන් බේරගෙන ජීවත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.” ලෙස අමාත්‍යවරයා කියා සිටියේය.

තවද, යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8634 ක මත්ද්‍රව්‍ය මාස තුනක් ඇතුළත අත්අඩංගුවට ගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan