පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ දෙවන අදියර ඇරඹේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙන්, අද (18) දින පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන ආරම්භ වී ඇති අතර , ඒ ජනාධිපතිවරයාගේ සංකල්පයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

තවද, තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකිරිමේ ජාතික ක්‍රියාන්විතයට අදාල අයදුම්පත්‍ර ද ලබා දීමට නියමිත අතර, ඊට අදාල දැනුවත් කිරිමේ පත්‍රිකා හා ඉල්ලුම්පත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළද අද ආරම්භ කරනු ලැබිණි.

මෙහි පළමු අදියර යටතේ පවුල් දසදහසකට ඉඩම් ඔප්පු ලබාදීම පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී සිදුකෙරුණු අතර, මෙහි දෙවන අදියර යටතේ ලබාදීමට නියමිත සින්නක්කර ඉඩම් ඔපුප් සංඛ්‍යාව දසලක්ෂයක් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...