එළවළු මිල පල්ලම් බසී, වෙළෙන්දෝ දුකෙන්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): පසුගිය කාලය පුරා අඛණ්ඩව ඉහළ ගිය එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව තවදුරටත් මේ වන විට පහත වැටී ඇතැයි කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ මැසිවිලි නඟති.

මාස කිහිපයක් තිස්සේ රුපියල් පන්සියයත් එක්දහස් පන්සියයත් අතර පැවති බොහෝ එළවළු වර්ගවල මිල මේ වන වි රුපියල් දෙසීයෙන් පහතට වැටී ඇති බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටිති.

ඒ අනුව එළවළු මිල පහළ යෑම තව දුරටත් පැවැතිය හැකි යැයිද ඔහු පැවැසීය.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණයේ වැඩිවීමක්ද පවතින බවත් සිංහල අලුත් අවුරුද්දටත් මේ මිල පහත යෑම පවතිනු ඇති බවත් ය.

ගොවිහු පැවසූවේ, මේ වන විට රාබු විකුණා ගන්න බැරි තත්ත්වයක් පවතින අතර අනෙකුත් එළවළුවර්ගද මිල ඉතා පහළ මට්ටමක පවතින බවයි.

මේ නිසා තමන්ට එළවළු වගාවන් සඳහා වැය කළ මුදලවත් මේ වන විට සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් රසායනික පොහොර මිල, කෘමිනාශක මිල ආදියත් කම්කරු කුලී ආදියත් ඉහළ අගයක පැවැතීම නිසා මෙම මිල පහළ යෑම දරාගත නොහැකි බවත් ගොවිහු කියති. රජය මැදිහත්ව රසායනික පොහොර මිල ඇතුළු කෘෂි යෙදවුම්වල මිල පහත දමන්නේ නම් එය ගොවියන්ට මහත් අස්වැසිල්ලක් වන බවත් පාරිභෝගිකයන්ටද අඩු මිලට එළවළු ලබා ගැනීමට පිටිවහලක් වන බවත් ඔවුහු පැවැසූහ.

මේ වන විට කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහත පරිදි සඳහන් වී ඇත.

බෝංචි රු 150 – 170, ගෝවා රු 280- 250, තක්කාලි රු. 200 -240, වම්බටු රු. 180 -150 , කැරට් රු. 280 – 250, බීට් රු. 200 – 250, අමු මිරිස් රු. 250 – 240, මාළු මිරිස් රු. 600 – 550, රාබු රු. 50 – 20, ආර්තාපල් රු. 250 – 300, ලීක්ස් රු. 180-160 නෝකෝල් රු. 150 – 120.  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...