IMF යන්න කියලා මම 2020 දීම කිව්වා. අපට ඩොලර් බිලියන 5ක ව්‍යාපෘති ගන්නත් තිබුණා – රනිල් (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වී ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ලබාගැනීමට කටයුතු කළයුතු යැයි තමන් 2020 වසරේදීම පැවසූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“කොරෝනා වසංගතය නිසා අපට විදේශ විනිමය ලැබුණෙ නෑ, ඒ වගේම අපේ කර්මාන්තශාලා සහ අනෙක් ව්‍යාපාර වහන්න සිදුවුණා. 2020 ඡන්දෙදි මම කිව්වා අපට IMF එකට ගිහින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ගන්න වෙයි කියලා. 2021 වෙනකොට මේක තවත් උඝ්ර වුණා. තවත් රටවල් ගණනාවක් එවෙලේ ගියා. අපි ඒ අවස්ථාවෙදී ගියෙ නැහැ. 2015 අපට ඇත්ත වශයෙන්ම දියුණු කරන්න කියලා වැඩසටහන් කීපයක්ම තිබුණා. නැගෙනහිර පර්යන්තයට ඩොලර් මිලියන 500ක් තිබුණා. සැහැල්ලු දුම්රිය මාර්ගයට ඩොලර් බිලියන 1.5ක් තිබුණා. එතකොට ඩොලර් බිලියන 2යි. ජපානයයි ඉන්දියාවයි කරපු LNG බලාගාර දෙකට මං හිතන්නෙ බිලියන 1.5 – 2ක් තිබුණා. ඇමරිකාවෙන් තව මිලියන 400 – 500ක් දුන්නා MCC එකට. ඉතින් මෙතනම විතරක් බිලියන 5ක් විතර තිබුණා. එතකොට චීනයෙන් ගන්න තිබුණා, යුරෝපා සංගමයෙන් ගන්න තිබුණා. ඉතින් මේ එකක්වත් අපි වියදම් කරලා නෑ. මේ ඔක්කොම අපි අහෝසි කළා. ඒ කියන්නෙ 2020 ට අපට පටන් ගන්න තිබුණු ආයෝජන ඔක්කොම නැවැත්තුවා”

ප්‍රශ්නය – රුපියල පා කිරීමත් සමග ලංකාවේ ආර්ථිකයට ඇතිවුණේ යහපත් දෙයක්ද ? එහෙම නැත්නම් අයහපත් දෙයක්ද ?

“IMF අධ්‍යක්ෂකවරුන් උපදෙස් වගයක් දීලා තිබුණා. එයින් එකක් ක්‍රියාත්මක කරලා හරියන්නෙ නැහැ. එතන කිව්වෙ ක්‍රමානුකූලව රුපියල ආපහු වෙළඳපල අගයට

යන්න කියලා. ඒ එක්කම තව එකක් කිව්වා පීඩාවට පත්වෙන කණ්ඩායම්වලට සහනයක් දෙන්න කියලා. අපි ඉස්සෙල්ලා කළේ එහෙම තමයි. අපි හැමවෙලේම සංවිධානයට ගිහිල්ලා ඒගොල්ලො දෙන්න එකඟවෙන මුදල කියනවා. ඊටපස්සෙ තමයි අපි රුපියල පා කළේ දෙපාරක් විතර. ඉතින් අපි IMF එකට ගියාම දන්නවා අපට සහනයක් එන්න තියෙනවා, ඉතින් සැපයුම වැඩිවෙනවා කියලා. ඒ නිසා තමයි ස්ථාවරභාවය ඇතිවෙන්නෙ. මෙතනදී සිදුවුණේ මහබැංකුව තීරණය කළා මේක කරන්න. මෙතන ඇත්ත වශයෙන්ම ඩොලර්වලට වුවමනාකම තවත් වැඩිවුණා. ඒකට සහතික වෙන්න කණ්ඩායමකුත් හිටියෙ නැහැ. අපි ඉස්සර කළේ සහතිකවීම අපි කරලා දුන්නා. ඊළඟට ඉතුරු මුදල් ටික හොයන එක බැංකුවලට බාරදුන්නා. දැන් මේ සියල්ලම බැංකුවලට බාරදීලා තියෙන්නෙ. ඒ නිසා මේක සිදුවෙන්නෙ.

අනික මම බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේකෙන් පීඩාවට පත්වුණ ජනතාවට – මං හිතන්නෙ රටේ ජනගහණයෙන් 50% කට වඩා වෙන්න පුළුවන් – කෙටිකාලීන සහන ලබාදෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට මහා නගර සභාවේ බලය විපක්ෂයට – නගරාධිපති සමඟියෙන්

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි...

ආසියානු මාරුතවලට එරෙහිව බැදෙන ලංකාවේ ඩුබායි ආශිර්වාදය ෂැනොන්

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ලංකාවෙ ජාතික කණ්ඩායමක් ජාත්‍යන්තර...

අක්මීමන වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේදී අද (ජුනි...

සිරියාවේ පල්ලියකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ දමස්කස් හි...