ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කළා – IMF

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. මුල්‍ය අරමුදලේ කලාපීය ප්‍රධානියා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා සිදුකළ බවයි මුල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් මහතා පවසන්නේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට උපකාර කළහැකි සුදුසුම ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරන බවත්, ලබන මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ වොෂින්ටන් සංචාරයේදී ඒ පිළිබඳ අවසන් තීරණයට එළඹෙන බවත් රයිස් මහතා සඳහන් කරයි.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් කලාපීය ප්‍රධානියා විසින් විශේෂ වාර්තාවක් ශ්‍රී ලංකා රජයට බාර දී ඇති අතර අර්බුදයෙන් ගොඩ ඒමට අදාල නිර්දේශ කිහිපයක්ද එහි ඇතුළත් වේ.

පසුගිය 16 වැනිදා ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සඳහන් කළේ අර්බුදයේන ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...