අදත් සෞඛ්‍ය වැඩවර්ජනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මාර්තු 18) උදෑසන 07.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

මෙවර අයවැය යෝජනා හරහා දීමනා කප්පාදු වීම, වැටුප් විෂමතා ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙසේ වැඩවර්ජනයකට යාමට සිදුව ඇති බවයි එම වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

“අපි තීරණය කරගත්ත විදියටම 18 වෙනිදා උදෑසන 07.00 ට වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විදියට. අපි උපරිම උත්සාහ කළා මුදල් අමාත්‍යාංශයත් එක්ක තාක්ෂණිකව මේ ප්‍රශ්නය විසඳාගන්න. නමුත් අපි දැක්කෙ මුදල් අමාත්‍යාංශය මහපු ඇඳුමක් අමාරුවෙන් අපට අන්දන්න යනවා. ඒ ඇඳුම අපට අඳින්න බැහැ. ඒ ඇඳුම ඇන්දොත් අපිට ඉතාම වැදගත් ස්ථාන නිරුවත් වෙන තත්වයක් තියෙන්නෙ”

තමන් මෙම වැඩවර්ජනය කරන්නේ වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය ඇතුළු සියලුම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අනන්‍යතාවය රැකගැනීම වෙනුවෙන් බවත් ඒ මහතා සඳහන් කළේය.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 17) මුදල් අමාත්‍යාංශයට ගොස් එහි නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා සහාය පළකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...