පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම මාසෙන් දෙකෙන් කරන්න බෑ. අපි ආණ්ඩුවට ආවාට පස්සේ ඒක තේරුම් ගත්තේ – ඇමති ක්‍රිෂාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම මාසයෙන් දෙකෙන් කළ හැක්කක් නොවන බවත් මේ අප්‍රේල් 21 වෙනිදා තමන් ද පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පෙළපාලි යන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

“ඉතින් අපි අනිවාර්යයෙන්ම අපි පොරොන්දු වෙනවා අපේ ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරයට සැබෑ යුක්තිය ඉටු කරනවා කියලා. ඒක දවසෙන් දෙකෙන් මාසෙන් කරන්න බෑ. අපි අනිවාර්යයෙන්ම මේ මාසය ඇතුළත මොකක් හරි කරනවා. ඒක ලේසි නෑ. ඒත් ඒක නෙවෙයි අවසානය. අපිට බෑ මේ මාස දෙක ඇතුළත මේක තමයි යුක්තිය, මේ තමයි මහ මොළකරු කියලා පෙන්වන්න. ඒකට තව කල් යනවා.

අපි එදා ඉඳන් මීගමුවේ බාල්දි හන්දියේ ඉඳන් හැම 21 වෙනිදාම පිකට් කළා. මේ අවුරුද්දෙත් කරනවා. මමත් යනවා පෙළපාලියට මේ අප්‍රේල් 21. පෙළපාලි යන්න වෙනවා මේකට අවසාන විසඳුමක් ලැබෙනකල්. අවසාන විසඳුම ලබාදීම මාසෙන් දෙකෙන් කරන්න බෑ, අපි ආණ්ඩුව ආවාට පස්සේ හොඳටම තේරුම් ගත්තා”

ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 17) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ගැන නව ආයෝජන බලාපොරොත්තුවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : නාගරික සංවර්ධන අධිකාරියට...