චීනයෙන් ලෝකයට ගත හැකි ආදර්ශ පිළිබඳ කොළඹදී විශේෂ විද්වත් සංවාදයක්!

Date:

කොළඹ LNW:2025 චීන ජාතික සැසිවාර දෙක පිළිබඳ විද්වත් සංවාදයක් කොළඹදී පැවැත්විණ. ඒ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය, කොළඹ විශ්වවිද්‍යාලය හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙනි.

චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය හා අදාළ සැලසුම් මෙවර චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ සදහන් විය. එම සැලසුම් වත්මන් ලෝකයේ ප්‍රගමනයට ලබා දෙන දායකත්වය සහ එම සැලසුම් තුළින් ශ්‍රී ලංකාවට ලබා ගැති ආදර්ශයන් මෙම සංවාදයේදී පුළුල් අවධානයට ලක්විය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්,වෛද්‍ය ජී.වීරසිංහ මහතා එහිදී අදහස් දක්වමින් චීනයේ මෙම ජාතික සැසිවාර ක්‍රමවේදය බිම් මට්ටමේ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් අදහස් හුවමාරු කරගැනිමේ වැදගත් ක්‍රමවේදයක් බව සදහන් කළේය.

ජාතික ජනබල වේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නීති කමිටු සාමාජික ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා මහතා පැවසුවේ යුගයට ගැළපෙන ප්‍රතිපත්ති ගොඩනැගීමේදී චීනය ඉදිරියෙන්ම සිටින රටක් බවයි. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා චීනයේ ආර්ථික වර්ධනය සහ එහි උපායමාර්ගයන් ලෝක ආර්ථිකයට වැදගත් වන ආකාරය එහිදී පැහැදිලි කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා අදහස් දක්වමින් චීනය ක්‍රියාත්මක කළ සමාජ හා ආර්ථික සංවර්ධනය පිළිබඳ ආකෘතිකමය වෙනස්කම් ඔස්සේ ලෝක ආර්ථිකයේ බලවත් සාධකයක් බවට පත්වීමට හැකිවීම විශේෂත්වයක් බව පැවසීය.

එමෙන්ම චීන අධ්‍යයන පිළිබඳ විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර් විශ්විද්‍යාලයේ, මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා පැවසුවේ චීනයේ නව තාක්ෂණික ගමන් මගේ අභිලාෂයන් මෙවර රාජ්‍ය කාර්ය වාර්තාව තුළින් මනාව දැකිය හැකි බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මහාචාර්ය විමල් හේවාමානගේ මහතා පැවසුවේ චීනයේ සැලසුම් හුදෙක් චීනයට පමණක් නොව සෙසු රටවලට ද ප්‍රතිලාභ ගෙන දෙන්නක් බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා අදහස් දක්වමින් අවිනිශ්චිත ලෝකයට නිශ්චිත බවක් ලබා දීමේ චීනයේ උත්සාහයන් මෙවර චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ ඉලක්ක තුළින් දැකිය හැකි බව පැවසීය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...