හමුදාවෙන් පැනගිය 1246ක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:යුද,ගුවන් හා නාවික යන හමුදාවන්හි සේවය කරමින් සිටියදී නීත්‍යානුකූලව ඉවත් නොවී පලාගොස් සිටි පුද්ගලයින් 1246ක් ත්‍රිවිධ හමුදාව සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දින 21 තුළ එම ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇති අතර යුද හමුදාවේ 950ක්, නාවික හමුදාවේ 45ක් සහ ගුවන් හමුදාවේ 102ක් ලෙස අත්අඩංගුවට පත්ව සිටින බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා පොලීසිය කළ මෙහෙයුම්වලින් යුද හමුදාවේ 114ක්, නාවික හමුදාවේ 19ක් සහ ගුවන් හමුදාවේ 13ක් ඇතුළුව 146ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීත්‍යානුකූලව ඉල්ලා අස්නොවී යුද, ගුවන් සහ නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් 1246ක් පසුගිය දින 21 ඇතුළත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම අත්අඩංගුවට ගැනීම්වලදී නිලධාරීන් ලෙස සේවය කළ තැනැත්තන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බව දැක්වෙයි.

හමුදා සේවය අත්හැර යන්නන් අපරාධ කල්ලි සමඟ එක්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙන් පසු එම සම්බන්ධතා පිළිබඳව දැඩිව අනාවරණය වෙමින් තිබේ.

ඒ අනුව හමුදාවලින් සේවයෙන් ඉවත්ව සිටින පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ අතර ඒ අනුව එම පිරිස් අත්අඩංගුවට ගැනීම් ආරම්භ වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...