2020 ගෝඨාභය දුන්න නියෝගයක් 2025දී රිවර්ස්!

0
656
Sri Lanka's President Ranil Wickremesinghe (L) along with country's former President Gotabaya Rajapaksa attend the annual Buddhist Navam procession at the Gangaramaya Temple in Colombo on February 5, 2023. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

කොළඹ LNW:2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය.

ඒ අනුව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවට තීන්දු කර තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයඒ බව ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ