බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන්ට ජනපති දුන් උපදෙස!

Date:

මාර්තු 18, කොළඹ (LNW):

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීයි.

‍ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ, නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවත්, ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බවත් ය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුන්ද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...