ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW):

සීමිත පන්දුවාර තරග නායක චරිත් අසලංක සහ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය දා දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව තීරණය කළේ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමටයි.

ඊට එරෙහි පෙත්සම අද (18) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ බව සඳහන් වන අතර , එහිදී අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම ලබන 28 වැනිදා දක්වා කල් තබා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව බබලවන ඉන්දියානු සංක්‍රමණික බිලියනපතියන්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆොබියස් සඟරාවකට අනුව...

චාමික කොළ කණ්ඩායමෙන් කොළ එළිය විහිඳුවයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී...

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...