*
Tuesday, March 18, 2025
spot_img

Latest Posts

මහනුවරට අලි වෙඩි ප්‍රශ්නයක්!

කොළඹ LNW:වගාව ආරක්ෂා කර ගැනිම සඳහා ගොවියන්ට ලබා දෙන අලි වෙඩි, වෙනත් පුද්ගලයන්ගේ අතට පත්වීම වැළැක්වීම සඳහා මැදිහත්වන මෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මිනිපේ හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ඒ,මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පසුගියදා පැවැති මිනිපේ කන්න රැස්වීමේදීය.

මිනිපේ මහා වාරි ව්‍යාපාරයේ ගොවියන් සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන අලි වෙඩි ඇතැම් පිරිස් මසුන් ඇල්ලිම සඳහා මහවැලි ගංගාවට දමන බවට ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේය.

වගාබිම් වන අලියන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොවියන් සඳහා වරකට අලි වෙඩි දෙක බැගින් නිකුත් කරන බවත් එය ජාතික හැදුනුම්පත ඉදිරිපත් කරන ගොවියන්ට පමණක් ලබා දෙන බව එම දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලියු.ඒ.මහින්ද විජේසිංහ මහතා එහිදී පැවසුවේය.

එමෙන්ම රාත්‍රී මුර සංචාරවලදී වගාබිම් ආරක්ෂා කරමින් සිටින ගොවියන් සඳහා අලි වෙඩි නිකුත් කරන බව කී අඩවි වන ආරක්ෂක නිලධාරීවරයා, ඇතැම් පිරිස් මසුන් ඇල්ලිම සඳහා එම වෙඩි මහවැලි ගංගාවට දමන බවත් එමෙන්ම නීති විරෝධී මත්පැන් ජවාරම්කරුවන් පොලිසිය එන බව දැනුම්දිම සඳහා එම අලි වෙඩි පත්තු කරන බවට තොරතුරු ලැබෙන බව ද පැවසුවේය.

අලි වෙඩි නිකුත් කරන්නේ වගාව ආරක්ෂා කර ගැනිමට වන නමුත් ඉන් බාහිර පිරිස් වෙත අලි වෙඩි හිමිවීම සමාජ ගැටලුවක් බවට පත්වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

වනජීවි දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා, ගොවියන්ගේ ස්ථිර පදිංචිය සලකා බලමින් අලි වෙඩි නිකුත් කිරීමේ කාර්යය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්විම ලබා දෙන මෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.ඉලුකා සිරිවර්ධන මහත්මිය සහ මිනිපේ ප්‍රාදේශීය ඒ.ඩී.තිලකරත්න මහත්මියට එහිදී උපදෙස් දුන්නේය.

ඉදිරි කන්නයේ වගා කටයුතු වෙනුවෙන් පැවැති මෙම රැස්වීම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතා, මිනිපේ නේවාසික කළමණාකාර එස්.එච්.එල්.දයාපාල මහතා, ඒකාබද්ධ ජාතික ගොවි සංවිධාන සභාපති සුනිල් ගමගේ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan