ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ආරක්ෂක ප්‍රධානි අලි ලරිජානි මියගිය බව ඉරානය නිල වශයෙන් නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(17)දිනයේදී එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උපායමාර්ගික තීරණ හැඩගැස්වීමේ කේන්ද්‍රීය චරිතයක් වූ ඉරානය ආරක්ෂක ප්‍රධානි අලි ලරිජානි මෙන්ම බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලම්රේසා සොලෙයිමානි මියගිය බව ඉරානය් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

උත්තරීතර නායක අලි කමේනිගෙන් පසු ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම ඉරාන නිලධාරියා ලරිජානිවන අතර ඔහු උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස, යුද්ධය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණ ගැනීමේ බලය දැරිය.

අලි ලරිජානිගේ හා බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලම්රේසා සොලෙයිමානිගේ මරණයන් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන හමුදා ප්‍රධානී අමීර් හටාමි හා ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් සඳහන් කර තිබුණේ, සිය නායකයාගේ ඝාතනයට එරෙහිව දැවැන්ත පළිගැනීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට සුදානම් බවයි.