Home විදෙස් විදෙස් රැකියා වංචාවලට හසුවූ වින්දිතයන්ට යුක්තිය ඉටුවෙයි!

විදෙස් රැකියා වංචාවලට හසුවූ වින්දිතයන්ට යුක්තිය ඉටුවෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ LNW :

විදේශ රැකියා ලබාදෙන බව පවසා සිදුකරන මූල්‍ය වංචාවලින් වින්දිතයන් වූ පිරිස් වෙනුවෙන් රුපියල් ලක්ෂ 1,945කට අධික මුදලක් යළි අයකර දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

පසුගිය මාස පහක කාලය තුළ ලැබුණු පැමිණිලි දෙදහසකට අධික සංඛ්‍යාවක් පදනම් කරගනිමින් නීති විරෝධී නියෝජිත ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමෙන් මෙම මුදල් ප්‍රමාණය උපයාගෙන තිබේ.

මෙම කාලසීමාව තුළ විමර්ශන අංශය මගින් වැටලීම් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සැකකරුවන් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇත.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ජපානය, ඊශ්‍රායලය සහ කොරියාව වැනි රටවල රැකියා පොරොන්දු වෙමින් සිදුකරන වංචා ඉහළ ගොස් ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.

එබැවින් නිසි ලෙස කරුණු තහවුරු කර නොගෙන කිසිදු බාහිර පාර්ශවයකට මුදල් හෝ පෞද්ගලික ලිපිගොනු ලබාදීමෙන් වැළකී සිටින ලෙස කාර්යාංශය මහජනතාවට දැඩි ලෙස අවධාරණය කරයි.

මෙමගින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන මූල්‍ය අපරාධ මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීම රජයේ මූලික අරමුණ වී ඇත.